ධනුෂ්ගේ චිත්‍රපටයකට පළමු වතාවට එක්වූ රශ්මිකා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඉහල ජනප්‍රියත්වයක් දිනා සිටින රශ්මිකා මන්දනා, ධනුෂ්ගේ මිළඟ චිත්‍රපටය සඳහා එක්වී ඇතැයි වාර්තා වේ. ධනුෂ්ගේ 51 වැනි චිත්‍රපටය වන මෙය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ සේකර කම්මල විසිනි. පුෂ්පා නිළිය මෙසේ ධනුෂ් සමග චිත්‍රපටයක රඟපෑමට ලැබීම තමාට සතුට ගෙන දෙන්නක් බව පවසා ඇත.

ධනුෂ් මේ දිනවල සිය අලුත්ම චිත්‍රපටය වූ කැප්ටන් මිලර්හි ප්‍රචාරක කටයුතු සඳහා එක්ව සිටින අතර, එම චිත්‍රපටය තිරගත වූ පසුව සේකර කම්මලගේ චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතු ආරම්භ කිරීමට නියමිත බව සඳහන් වෙයි. රශ්මිකා හා ධනුෂ් සිනමා තිරයේ දකින පළමු අවස්ථාවද මෙය වීම විශේෂත්වයකි.