නෑනාගේ වර්ණනාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දිශා පටානි සහ ටයිගර් ෂ්රොෆ් කවදාවත් සිය සම්බන්ධය ප්‍රසිද්ධියේ පිළි ගන්නේ නැත. එහෙත් නිවාඩු ගත කරන්නට යන්නේ උත්සව හා සාදවලට යන්නේ දෙන්නා එකටමය. එම නිසාම ඔවුන් නොකීවත් ලෝකයා තමන්ට වුවමනා දේවල් අනුමාන කරගෙන අවසානය. 
ටයිගර් ගේ සොයුරිය ක්‍රිෂ්ණා ද දිශාට ඉතාමත් සමීපය. මෑතකදී මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ඇය සිය අනාගත නෑනා බොහෝ සෙයින් වර්ණනා කළාය. 

“දිශාගෙයි මගේ සහෝදරයගෙයි හුඟක් සමානකම් තියෙනවා..ඇත්තටම ඔහු මගේ හොඳම මිතුරා.. ඒ හින්දම මට දිශාත් බොහොම සැහැල්ලුවෙන් ඇසුරු කරන්න පුළුවන්.. ඇය ඉතාම සරල කෙනෙක්.. ඒ වගේම නිහතමානියි..” ඇය කීවාය. 
දිශා ක්‍රිෂ්ණාට වඩා දෙමසකින් පමණ බාලය. එහෙත් තමාට හැම විටම ඇය වැඩිමහලු සොයුරියක් ලෙස දැනෙන බැව් ක්‍රිෂ්ණා කියන්නීය.   

“ඇය ජීවිතය ගැන හොඳ අවබෝධයක් වගේම මට වඩා අත්දැකීම් තියෙන කෙනෙක්.. ඒ හින්දම මොකක් හරි උපදෙසක් ඕන වුණ හැම වෙලාවෙම මම කිසිම පැකිළීමක් නැතුව ඇය ළඟට යනවා.. ඇය මට දෙන්නෙ නිවැරදිම උපදෙස කියලා මම විශ්වාස කරනවා.. ඒ හින්දයි මම කියන්නෙ ඇය අක්කා කෙනෙක් වගේ කියලා.. මට අක්කා කෙනෙක් නැති අඩුව පිරිමැහෙන්නෙ ඇගෙන්.. ඕනම දේකදී ඇය කිසිම දෙගිඩියාවක් නැතුව මගේ පැත්ත ගන්නවා..” 

එකිනෙකා හෙළා දකින නෑනලා බහුල සමාජයක ක්‍රිෂ්ණා විසින් කරන ලද මේ ප්‍රකාශය බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක් වී තිබේ.