නළුවෙක් විදිහට ආක්ෂේ කුමාර් ගත්ත මුල්ම පඩිය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වර්තමානය වනවිට චිත්‍රපට රංගනයක් සඳහා ඉන්දීය රුපියල් කෝටි 40ත් 50ත් අතර මුදලක් අය කරන ආක්ෂේ කුමාර් පසුගියදා ඕ මයි ගෝඩ් චිත්‍රපටයේ ප්‍රචාරක වැඩසටහනකදී චිත්‍රපටයක් වෙනුවෙන් ගත් සිය පළමු වැටුප ගැන සඳහන් කර තිබුණි. ඔහු පවසන ආකාරයට ඔහු පළමු වතාවට චිත්‍රපට රංගනයක් සඳහා එකතු වී ඇත්තේ 1991 වසරේ ප්‍රමෝද් චක්‍රවර්තිගේ දීඩාර් චිත්‍රපටය සඳහාය.

ඔහුට ඒ සඳහා ඉන්දීය රුපියල් පන්දහසක් ගෙවු බවත් ප්‍රමෝද් ඒ සමගම ඔහුට චිත්‍රපට තුනක් සඳහා එක්වර ගිවිසුම් අත්සන් කළ බවත් ආක්ෂේ කියයි. 1991 වසරේදී රූපගත කළත් දිඩාර් චිත්‍රපටය තිරගත වූයේ 1992 වසරේදී බවත්, ඊට පසුව කළ චිත්‍රපට කිහිපයක්ම ඒ වනවිටත් තිරගත වි තිබුණද බවද ඔහු මෙහිදි වැඩිදුරටත් පවසා තිබුණි.