පුෂ්පා තෙළෙඟු චිත්‍රපටයටත් සම්මාන රැසක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මෙවර දකුණු ඉන්දීය ෆිල්ම් ෆෙයාර් සම්මාන උළලේ තෙළෙඟු අංශයෙන් වැඩිම සම්මාන ප්‍රමාණයක් දිනාගන්නට අල්ලු අර්ජූන් හා රශ්මිකා මන්දනා රංගනයෙන් දායක වූ පුෂ්පා ද රිස් චිත්‍රපටයට හැකි විය. ඔවුන් මෙවර සම්මාන හතක් සඳහා නිර්දේශ වී තිබුණ අතර, එම සම්මාන සියල්ලම ඔවුන් සකු කර ගැනීමට සමත් වීම කැපි පෙනෙන අවස්ථාවක් බවටද පත් විය.

දිනාගත් සම්මාන අතර, හොඳම චිත්‍රපටය, හොඳම නළුවා මෙන්ම හොඳම තෙළෙඟු චිත්‍රපට අධ්‍යක්ෂවරයාට හිමි සම්මානද තිබුණී. මේ වසරේ දකුණු ඉන්දීය සිනමා සම්මාන උළෙලයන් රැසකදීම පුෂ්පා ද රිස් චිත්‍රපටය සම්මාන බොහෝමයක් හිමි කර ගැනීමට සමත් විය.