බන්සාලිගේ අලුත් චිත්‍රපටයට තරුණ නළුවෝ දෙන්නෙක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ වසරේ ප්‍රදර්ශනය වීමට නියමිත ‘ගංගුබායි කතියාවති’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන සංජය ලීලා බන්සාලි මේ දිනවල සිය අලුත්ම චිත්‍රපටය පිළිබඳව සැළසුම් කරමින් සිටියි. ඔහුගේ අලුත්ම චිත්‍රපටය වන්නේ ‘බයිජු බව්රා’ චිත්‍රපටයයි.

බන්සාලි පවසන්නේ මෙම චිත්‍රපටය සඳහා තරුණ නළුවන් දෙදෙනෙකු වන රන්බිර් කපූර් හා කාර්තික් ආර්යයන්ගේ නම් යෝජනා වී තිබෙන බවය. රන්බිර් බන්සාලිගේ චිත්‍රපට දෙකක් සඳහා දායකව තිබෙන අතර, කාර්තික් බන්සාලිගේ චිත්‍රපටයකට සම්බන්ධ වෙන්නේ පළමු වතාවට වීම විශේෂත්වයකි.