බොලිවුඩයේ කිං ඛාන් වෙබ් ටෙලි නාට්‍යය මාලාවකට එකතු වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කාලයක සිට බොලිවුඩ් සිනමාව තුළ දකින්නට නොලැබුණ බොලිවුඩයේ රජුන් වන ෂාරුක් ඛාන් මේ වනවිට සිනමා නිර්මණ කිහිපයක් සඳහා එකතු වෙමින් සිටින බව සඳහන් වෙයි. ‘පතන්’ ඔහුගේ අලුත්ම චිත්‍රපටය වන අතර, රාජ්කුමාර් හිරුණි, ඇට්ලේ කුමාර් දෙදෙනාගේ චිත්‍රපට දෙකක් සඳහාද ඔහු මේ වනවිට සම්බන්ධව සිටියි.

එමෙන්ම ඩිස්නි හා හොට් ස්ටාර් ආයතන විසින් නිර්මාණය කරන්නට සැළසුම් කරන වෙබ් කතා මාලාවක් සඳහාද මේ වනවිට ෂාරුක්ගේ නම ඇතුළත්ව තිබෙන බව සඳහන් වෙයි. ෂාරුක් එය සනාථ කරමින් මීට දින කිහිපයකට පෙර සිය ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුම හරහා සජිවි විඩියෝවක් නිකුත් කරමින් ඒ බව සිය රසික පිරිස් දැනුම්වත් කර තිබුණි.