‘මොහාබතින්’ චිත්‍රපටයේ දුටු කිම්ගේ දෙවැනි විවාහය ළඟදීම



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ෂාරුක් ඛාන් හා අයිශ්වර්යා රංගනයෙන් දායක වූ ‘මොහාබතින්’ චිත්‍රපටය තුළින් බෙලිවුඩ් සිනමාවට පිවිසි කිම් ෂර්මා මේ වනවිට සිය පළමු විවාහයෙන් වෙන්ව සිටිති. ඇය දැනට ලියාන්ඩර් ජේස් නමැති පුද්ගලයා සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වමින් සිටින බවට තොරතුරු ලැබේ.

නැවතත් පළමු විවාහයේ දික්කසාද නඩුව මේ වනවිට විභාගයට ගෙන තිබෙන අතර, කිම් පවසන්නේ මෙහි නිතිමය කටයුතු අවසන් වූ වහාම තමන් හා ලියාන්ඩර් අතර ඇති ප්‍රේම සම්බන්ධය විවාහයකට පෙරළිමට නියමිත බවය. එමෙන්ම මීට දින කිහිපයකට පෙර දෙපාර්ශවයේම වැඩිහිටි පාර්ශවයන් එක්ව මෙම විවාහය පිළිබඳව සාකච්ඡා කළ බවද ඇය මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා ඇත.