රියංකාගේ දියණිය මාල්තිගේ ඡායාරූපයක් ප්‍රසිද්ධ වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කාලයක් තිස්සේ සිය දියණියගේ මුණ මාධ්‍යයට වසන් කළ සුරූපි බොලිවුඩ් සිනමා නිළි ප්‍රියංකා චොප්රාගේ දියණිය මාල්තිගේ ඡායාරූපයක් මේ වනවිට ප්‍රකට ෆිල්ම් ෆෙයාර් වෙබ් අඩවිය විසින් ප්‍රසිද්ධ කර තිබෙන බව සඳහන් වෙයි. මෙම ඡායාරූපය මෙසේ ප්‍රසිද්ධ වී ඇත්තේ පසුගිය දා හොලිවුඩ් වෝක් ඔෆ් ෆේම් උළෙලේ දී ජෝනාස් සහෝදරයන්ට තරුවක් ප්‍රධානය කළ උත්සවයේදීය.

මීට ප්‍රියංකා සමගින් මාල්තිද සහභාගි වී සිටියහ. මීට පෙර අවස්ථා කිහිපයකදීඹ මාල්තිගේ ඡායාරූප ප්‍රියංකා විසින් සිය සමාජ පිටු අතරේ පළ කර තිබුණද ඇයගේ මුහුණ එම ඡායාරූපවලදී ආවරණය කර තිබුණි. මේ නිසාම මෙම ඡායාරූපය මාල්තිගේ රූව පැහැදිළිව පෙනෙන්නට තිබෙන අතර, එය ඇයගේ පළමු මුහුණ පේන ඡායාරූපය ලෙස වාර්තා වන්නීය.