ලෝකයේ පොහොසත්ම රංගන ශිල්පියා මෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ටයිලර් පෙරී චිත්‍රාගාරය නිසාම උපයාගත් මුදලින් ප්‍රකෝටිපතියකු වී සිටින ඇමරිකානු නළු ටයිලර් පෙරීගේ සම්පූර්ණ වත්කම මේ වන විට ඩොලර් මිලියන 1000 ක් හෙවත් ඩොලර් බිලියනයක් ඉක්මවා තිබෙනවා. ලෝකය පුරා වෙසෙන රංගන ශිල්පීන් අතරේ අංක එකේ කෝටිපතියා ඔහු බවට පත්ව සිටින බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

ඔහුගේ ආසන්නතම තරඟකරුවා වී සිටින්නේ ජෙනිෆර් සින්ෆීල්ඩ්. සින්ෆීල්ඩ්ගේ වත්කම ඩොලර් මිලියන 950 ක් . ඉන්දීය සුපිරි තරුව ෂාරුක් ඛාන් තුන්වැනි ස්ථානයේ සිටියද ටයිලර් පෙරී සහ ෂාරුක් අතරේ පරතරය ඩොලර් මිලියන 400 ක් බවයි සඳහන් වන්නේ.

1969 සැප්තැම්බර් 13 වැනිදා, ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ඔර්ලියන්ස් ප්‍රාන්තයේ ලුසියානාහි උපත ලද ටයිලර්, රංගන ශිල්පියකු පමණක් නොව, චිත්‍රපට අධ්‍යක්‍ෂකවරයකු, නිෂ්පාදකවරයකු මෙන්ම තිරකතා රචකයකු ද වනවා . සුප්‍රකට ෆෝබ්ස් සඟරාවේ වාර්තා අනුව ඔහු මේ වන විට වැඩිම මුදලක් අයකරන කලාකරුවයි.