ලොව වටා රසිකයින් කළඹමින් ප්‍රියංකා චොප්රා සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙන් සැමියාගේ වාසගම ඉවත් කරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙන් සැමියා වන නික් ජෝන්ස්ගේ වාසගම ඉවත් කර ඇති බව තහවුරු වීමත් සමඟ විදෙස් මාධ්‍ය ඒ කෙරෙහි දැඩි අවදානයක් යොමුකර තිබෙනවා.

එසේ කිරීමෙන් පසු මිලියන ගණනක් රසික රසිකාවියන් කෝපයට පත්ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ හේතුවෙන් ප්‍රියංකා සහ නික් විවාහයෙන් වසර 03කට පසු දික්කසාද වීමට යන බවට රසිකයන් අනුමාන කරන බවද විදෙස් මාධ්‍ය සඳහන් කර සිටිනවා.

ඉන්දීය ප්‍රකට නිළි ප්‍රියංකා සහ ඇමෙරිකානු ගායක නික් විවාහ වූයේ 2018 වසරේ දෙසැම්බර් පළමු වනදායි.

ලෝකයේම අවදානය මෙම යුවළගේ විවාහය කෙරෙහි යොමු වූ අතර මොවුන් දෙදෙනාගේ වයස් පරතරය හේතුවෙනුත් එම විවාහය කෙරෙහි බොහෝ දෙනා අවදානය යොමුකර සිටියා.

එයට හේතුව ප්‍රියංකා, නික්ට වඩා වසර 10කින් වැඩිමහල් තැනැත්තියක් වීමයි.

වර්ෂ 1982 ජූලි 18 වන උපත ලද ප්‍රියංකාට මේ වන විට වයස අවුරුදු 39ක් වන අතර 1992 සැප්තැම්බර් 16 වන දින අමෙරිකාවේ දී උපත ලද නික්ට වයස අවුරුදු 29ක්.

මෑතකදී, මෙම යුවළ ඔවුන්ගේ පළමු දිවාලි උත්සවය ඔවුන්ගේ නිවසේ සිටම එකට සමරනු ලැබූ අතර ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ද සටහන් එක්කර තිබුණා.