සනි ඩියොල් කරන මේ ඉල්ලීම මොකක්ද



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දිනවල ගඩාර් දෙවැනි චිත්‍රපටය හරහා අතිශය ජනප්‍රිය වී සිටින සනි ඩියොල් කාලයක් හින්දි සිනමාවේ සිටි සුපිරි තරුවකි. වසර කිහිපයක් උතුරු ඉන්දීය සිනමා කර්මාන්තයෙන් ඉවත් ව සිටි ඔහු අවසන් වරට දායක වූ සියලු චිත්‍රපට අසාර්ථක ඒවා බවට පත් විය. එහෙත්, ඔහුව හින්දි සිනමාවේ සුපිරි තරුවක් බවට පත් කළ ගඩාර් ඒක් ප්‍රේම් කතා චිත්‍රපටයේ දෙවැන්න ඔහු විසින්ම පසුගියදා නිර්මාණය කර එළිදක්වනු ලැබීය.

එය මේ වනවිට ඉන්දීය රුපියල් කෝටි 200ක ආදායමක් උපයා ගනිමින් අති සාර්ථකව ප්‍රදර්ශනය වෙයි. මෙම චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු අතරවාරයේදී ඔහු කිහිප වරක් හින්දි සිනමාව බොලිවුඩ් සිනමාව ලෙස නම් කිරීම ගැන කතා කර තිබුණි. ඔහු පවසන්නේ ඉන්දීය ජනතාව නිසාවෙන් අපි මෙය හින්දි සිනමාව ලෙස හැඳින්වීමට වග බලා ගත යුතු බව ඔහු පවසා ඇත.