ෆර්හාන්ගේ ඩොන් තුන්වැන්නේ රඟපාන්නේ ආලියාද



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2025 වසරේ ප්රදර්ශනය වීමට සූදානම් කර ඇති ෆර්හාන් අක්තාර්ගේ ඩොන් තුන්වැනි චිත්රපටය සඳහා රන්විර් සිං තෝරාගත් බවට පසුගියදා ප්රසිද්ධ කරනු ලැබීය. මීට පෙර අවස්ථා කිහිපයකදීම වාර්තා වූයේ ඩොන් තුන්වැන්න සඳහාද එහි පළමු හා දෙවැනි චිත්රපටවල රඟපෑ ෂාරුක් ඛාන්ම තෝරාගත් බවය. එහෙත්, පතන්, ජවාන් හා ඩන්කි චිත්රපට නිසාවෙන් දැඩි ලෙස කාර්යබහුලව සිටින ෂාරුක් ඩොන් තුන්වැන්නට සම්බන්ධ වීමට ප්රතික්ෂේප කර ඇත.

ඒ අනුව ෆර්හාන් විසින් මීට රන්විර් සම්බන්ධ කරගෙන ඇත. කාටත් මේ වනවිට කුතුහලය දනවන කාරණය වී ඇත්තේ මෙම චිත්රපටයේ රන්විර් සමගින් රඟපාන ප්රධාන නිළිය කවුද යන්නය. දැනට ලැබෙන වාර්තාවලට අනුව ආලියා භාට් මීට රංගනයෙන් එක්වන බවය. කෙසේ වෙතත්, ප්රියංකා හා  කත්රිනාගේ නම් මීට සම්බන්ධ වෙමින් තිබෙන බවට තොරතුරු ලැබේ.