
RHYTHM OF THE COLOURS සිතුවම් දැක්ම ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී පැවැත්වුණේ සිතුවමට පෙම් බැඳි සුවහසක් නෙත් තෙදිනක් පුරා සනසමින්.
ප්‍රවීණ චිත්‍ර ශිල්පී හේමන්ත වරකාපිටිය ,ලලිත් රණසිංහ සහ සංජීවනී වරුසාගමගේ චිත්‍ර ඇන්ද මේ සිතුවම් ප්‍රදර්ශනයේදී රස විඳින්න සිතුවම් 80 ක් විතර තිබුණා.
මානව සිතුවම් , වියුක්තවාදී සිතුවම් සහ දේශීය වන සතුන් යන තේමාවන් ඔස්සේ ඇඳි මේ සිතුවම් සමුදායේ මගේ හිත නතර වුණු එක සිතුවමක් තමයි ශ්‍රී ගනේෂ් දෙවිඳුන්ගෙ සිතුවම.ඒ සිතුවම ඇන්ඳෙ හේමන්ත .හේමන්ත සිරස මාධ්‍යජාලයේ රැකියාව කරද්දි ලලිත් රැකියාව කරන්නෙ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙක් ලෙසයි.සංජීවනී සිවිල් ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ ගුවන් තොටුපොළ සේවා සහකාර නිලධාරිනියක්.
රැකියාව චිත්‍රය හා යා නොවුණත් හදගැස්ම චිත්‍රය හා යා වූ පින්සාර අරුමයේ රස දීප්තිය ඇත්තටම මමත් හොඳ හැටි වින්දා....ඒ හැම සිතුවකම තිබුණෙ හුස්ම ගන්න කතන්දර.......එකකට එකක් යා නොවූ අමුතු අමුතු කතන්දර .........




























Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
ලංකාවේ සිනමාවේ දෙවැනි ලකා රට වටේ
- 25-03-2026
