නිළියගෙ බෙල්ලට මාලෙ දැම්මේ ක්‍රිකට් ක්‍රීඩකයාමලු

  • 02-04-2026
  • Views 12

නිළියන් ගැන අමුතු අමුතු කතන්දරවල අඩුවක්  නෑ..දවස ගාණෙ හෝ හෝ ගාලා කතන්දර ...හොලිවුඩ් බොලිවුඩ් නොලිවුඩ් වගේම හෙලවුඩ් සීන් කෝන් එකත් එහෙමමයි ...

මේ හුට පටේ රන් මාලයක සීන් එකක්....

හර්ෂි රසාංගා කියන්නෙ නව පරපුරේ නිළියක් .එයාව තලංගම පොලිස් ස්ථානයේ විවිධ පැමිණිලි අංශය මගින්  අත්අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේ හිමිකරුගේ අනුදැනුමකින් තොරව රන්මාලයක් උකස් තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමයි.

ඒ රන්මාලය  ඇය ලබාගෙන ඇත්තේ  තමන්ගේ හිතවතෙක් වන ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයෝගෙන් බව තමයි කියන්නේ.

 රන්මාලයේ වටිනාකම ලක්ෂ 9 කට  වැඩියි. මේ රන්මාලය නැවත හිමිකරුට ලබා නොදී අනුදැනුමකින් තොරව බත්තරමුල්ලේ LB Finance  ශාඛාවකට උකස් කර  ලක්ෂ 6ක්  මුදලක ලබා ගත්තා කියන චෝදනාව තමයි නිළියට තියෙන්නේ. ඇය වෙනුවෙන් පෙනී හිටපු නීතිඥවරයා කියන්නේ තම සේවා දායිකාවට ඒ මාලය උකස් කළ  සිද්ධිය ඇත්ත වුණත් එය  බේරාගෙන හිමිකරුට නැවත ලබා දෙන්න හැකියාවක් තියෙනවා කියන එක. සැකකාරිය  රුපියල් ලක්ෂ පහ බැගින් වන ශරීර ඇප දෙකක් මත  මුදා හැරීමට කඩුවෙල  වැඩ බලන මහේස්ත්‍රාත්වරයා නියෝග කළා .ඒ වගේම අදාළ රන්මාලය තලංගම පොලිසි ස්ථානය මගින් බාර අරගෙන ගරු අධිකරණයට ඉදිරිපත් කිරීමටත් නියම කරනු ලැබුවා.සැකකාරියට  එරෙහිව නඩුව ආයෙමත් අප්‍රේල් 22 වෙනිදාට කැඳවීමට නියමිතයි.

මේ සියල්ල අතරේ හර්ෂි රසාංගා  සමාජ මාධ්‍යයේ ව පෙනී හිඳිමින් කිව්වෙ මෙහෙම කතාවක්.ඒ රන් මාලේ සම්බන්ධයෙන්   ඇත්ත කතාව වෙනම සිද්ධියක් බවත්  අදාළ ක්‍රිකට් ක්‍රීඩකයා  කැමැත්තෙන්ම  එය තමාගේ ගෙලට දැම්ම මාලයක් බවත්ය. ඇත්ත නැත්ත දන්නේ ඇයත් ඔහුත් විතරයි.

බලමු ඉදිරියේදී උසාවිය කොයි වගේ කතාවක් කියයිද  කොයි වගේ තීරණයක් දෙයිද කියලා.