පාරෙ ගියත් මිනිස්සු දැන් මට බනිනවා
හේතුවක් නැතුව බැණුම් අහන්න වුණොත් ඔයාට මොකක්ද හිතෙන්නේ.....
එක්කෙනෙක්ගෙන් දෙන්නෙක්ගෙන් නෙමෙයි එකවර දහස් ගාණක් මිනිස්සුන්ගෙන් බැණුම් අහන්න වුණොත් ඔයාට මොකක්ද හිතෙන්නේ..... මම අහන්නෙ හේතුවක් නැතුවම වැරැද්දක් නොකරම බැණුම් අහන්න වුණොත් ඔයාට මොකක්ද හිතෙන්නේ කියලා....එහෙම බැණුම් අහන්න කෙනෙකුට සිද්ධ වුණා .ඒ තමන් රඟපෑව ටෙලි නාට්‍යයක් නිසා තමයි එහෙම බැණුම් අහුවෙ.කවුද එහෙම බැණුම් ඇහුවෙ. පුංචි තිරය ඔස්සේ ඔබ හමුවෙන හර්ෂි මධු තමයි ඒ විදිහට බැණුම් ඇහුවේ.
ආලේ නිසා හර්ෂිට විඳින්න සිද්ධ වුණු අහන්න වුණු ප්‍රතිචාර බැණුම් මඩ ගල් මුල් බොහොමයි කිව්වොත් තමයි හරියටම හරි
ඇයි හර්ෂිට සමාජ මාධ්‍ය ඔස්සේ මෙච්චර බැණුම් අහන්න සිද්ධ වුණේ ?
අපි හර්ෂිගෙන් ඇහුවා
ඒ ගැනනම් කියලා වැඩක් නෑ .හොඳටම බැණුම් ඇහුවා .මම රඟපාපු නාට්‍යයක් නිසා තමයි මෙහෙම බැණුම් අහන්න සිද්ධ වුණේ.
social mediaවල යන්නේ නාට්‍යයේ කෙටි වීඩියෝ විතරයි. ඒත් නාට්‍ය බලන කෙනෙකුට තමයි නාට්‍ය මොකක්ද කියලා නාට්‍යයේ තේමාව මොකක්ද කියලා සම්පූර්ණ වැටහීමක් එන්නෙ . ඒත් කෙටි වීඩියෝ බලලා මට බනින අය ගැන මට කිසිම කණගාටුවක් නැහැ.
මොකද ඒ අය බනින්නේ මට නෙමෙයි. ඇත්තටම කිව්වොත් මම සතුටු වෙන්න ඕනේ ඒ බැණුම් අහලා .මොකද මම ඒ බැණුම් නිසා සතුටු වෙනවා . මම බැණුම් අහන්නෙ චරිතයට උපරිම සාධාරණයක් කරන නිසා කියලා තමයි මට හිතෙන්නෙ.
ඉතින් මම බැණුම් අහා අහා සතුටු වෙන එක තමයි කරන්නේ....
සමාජ මාධ්‍යවල ඔයාට බැනලා දාන කමෙන්ට්ස් ඔයා බලනවද?
ඔව් විවේකයක් ලැබෙන හැම මොහොතකම මගේ ප්‍රේක්ෂකයන් මට බැනලා තියෙන්නේ මොනවද කියලා මම බලනවා. මම ඇත්තටම ළඟදී දවස් දෙකක් විතර ඒ කිසිම දෙයක් නොබලා හිටියා. ඒ කියන්නේ සෝෂල් මීඩියා යූස් නොකරම හිටියා. මොකද හැම කමෙන්ට් එකකම මගේ හොඳක් කියලා නෙවෙයි මට බැනලා තියෙන්නෙ ආලේ චරිතය නිසා. ඒ විතරක් නෙමේ පෞද්ගලිකවත් මට කතා කරලා මිනිස්සු බනින්න පටන් ගත්තා.ඒ විතරක් නෙමේ පෞද්ගලිකවත් මට කතා කරලා මිනිස්සු බනින්න පටන් ගත්තා.ඒ විතරක් නෙවෙයි පෞද්ගලිකවත් මට කතා කරලා මිනිස්සු බනින්න පටන් ගත්තා. ප්‍රේක්ෂකයන් තේරුම් ගන්න ඕන ඒක චරිතයක් විතරයි කියලා .හර්ෂි මධූ කියන්නේ ඒ චරිතේ නෙමෙයි .ඉතින් චරිතයක් දිහා බලලා වැරදියට විනිශ්චය කරලා ඒ විදියට බනිනවා නම් ඒක අසාධාරණයි! මම මට පුළුවන් හැම විදිහකින්ම තේරුම් කරලා දුන්නා.
මධුගෙන් අහන්නෙ නැතුව ඉන්න බැරිම ප්‍රශ්න ටිකත් තියෙනවා. එක ප්‍රශ්නයක් තමයි ආදරේ කියලා මොකක්ද හිතන්නෙ කියන එක. අනිත් එක තමයි ආදරය නිසා විඳවපු තැන්, ආදරේ දැනෙන හැටි....ආදරය දැනෙන්නේ කොහොමද කියලා. ඒ ප්‍රශ්නයට එයා දුන්නෙ මේ වගේ උත්තරයක්.
ආදරයට ආදරේ කරන සුන්දර දඟ මල්ලක් තමයි හර්ෂි කියන්නේ. මගේ තාත්තා වගේ ආදරවන්තයෝ මේ ලෝකේ නැහැ කියලා දැන් මට හිතෙනවා. ගොඩක් මිනිස්සු කරන්නේ ආදරේ කරනවා කියලා රවට්ටන එක. තමන්ට වාසියක් නැත්නම් වචනයක් එළියට දාන්න අකමැති මිනිස්සු තමයි මේ ලෝකේ බහුතරයක් ඉන්නෙ. මගේ ජීවිතේ මට වෙච්ච ලොකුම වැරැද්ද තමයි ආදරේ . ඒ නිසා මම ආදරේ කරන්න බයයි .මම Over Thinker කෙනෙක් .මගේ ළඟම ඉන්න යාළුවො පවා මම තෝරා ගන්නේ මාව තේරුම් ගන්න පුළුවන් සීමිත පිරිසක් විතරයි.
ආදරේදීත් මට ඕනවට වඩා ආදරේ කරනවා. මම හිතන්නේ මම මගේ ජීවිතේම කරගෙන මම කෙනෙක් මත දියවෙලා ආදරේ කරන කෙනෙක්. මම හිතන්නේ ඒ මිනිස්සුත් මගේ තාත්තා වගේ හොඳ අවංක මිනිස්සු කියලා. ඒත් මට වැරදෙන්නෙ මං හිතන්නේ හුඟක් මිනිස්සු මගේ තාත්තා වගේ කියලා හිතන එක. ඒත් මේ ලෝකෙ හුඟාක් ඉන්නේ අපේ ඇතුලේ ඉන්න අහිංසක ආදරවන්තයා මරලා දාලා යන මිනිස්සු. අපව රවට්ටලා විනාස කරවලා යන මිනිස්සු. ආදරය හුඟක් මිනිස්සුන්ට සෙල්ලමක් විතරයි. ඒක ගැන මට කියන්නත් දුකයි. මම මගේ හීන වලට ගිහින් තමයි ආයා ආදරයක් ගැන හිතන්නේ .බලමු හොඳ කෙනෙක් හම්බ වෙයිද කියලා. දැන් නම් මම කරන්නේ කෙනෙක් ළං වෙන්න හදද්දිම අපි යාළුවො වගේ ඉමු කියලා ආදරේ ප්‍රතික්ෂේප කරන එක .මොකද ආදරය කියන වචනයටත් මම දැන් බයයි. මං ආදරේ නිසා ආදරයෙන් වැටිලා හුඟාක් අමාරුවෙන් නැගිටපු කෙල්ලක් .අම්මා තාත්තා ආත්තම්මා පුංචි ව නැත්නම් මම මෙතන නැහැ කියලා හිතනවා. එයාලට ආය දුකක් දෙන්න බෑ .ඒ හින්ද මට හිතෙනවා මම තනියෙන් ඉන්න එක හොඳයි කියලා
හර්ෂිමධූ කියන්නෙ එහෙම දෙයක්........
කතාව ඇත්ත ආදරයෙදි හරි ගියොත් හරි ගියාම තමයි ...වැරදුණොත් වැරදුනාම තමා......




