Tranquility guest house හික්කඩුව‍



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ENT-20200918-57 (3)

දේශීය විදේශීය සංචාරකයින්ගේ පාරාදිසයක් ලෙස හික්කඩුව සංචාරක කලාපය හැඳින්විය හැකිය. මුහුදු සමග නිවාඩුව ගත කරන්න, ජල ක්‍රීඩා කරන්න, රාත්‍රියේදී මුහුද අද්දර සාද පවත්වන්න මෙන්ම හික්කඩුවේ කොරල්පර නරඹන්න වසර පුරාම හික්කඩුවට සංචාරකයින් ඇදී ඒම දැකිය හැකිය. හික්කඩුව 'Tranquility guest house' යනු එම හික්කඩුවට පැමිණෙන සංචාරකයින්ට තවත් ආශ්වාදයක් විඳ ගැනීමට හැකි අපූර්ව වූ ස්ථානයකි.

හික්කඩුව නගරයේ සිට මීටර් තුන්සීයක් පමණ දුරින් පිහිටි Tranquility guest house හි විශේෂත්වය වන්නේ එහි ඇති නිදහස් නිස්කලංකභාවය හේතුවෙනි. හික්කඩුව වෙරළ තීරයට, කොරල්පර භූමියට, සීනිගම පූජාභූමියට, තෙල්වත්ත කුරුළු අභයභූමියටද ඉතා ඉක්මනින් ළඟාවීමට හැකි ස්ථානයක Tranquility guest house පිහිටා ඇති නිසා සංචාරකයන්ට එය විශේෂ වාසියක් වේ. හික්කඩුව සංචාරක කලාපය තුළ ඇති බොහෝ සංචාරක නිකේතන තුළ අධික කාර්යබහුල වටපිටාවන් දැකිය හැකිවූවත් Tranquility guest house තුළ දැකිය හැකි වන්නේ ඉතා සෞම්‍ය පරිසරයකි. විශේෂයෙන් මෙහි තිබෙන විශාල ගෙවත්ත එයට ප්‍රධාන හේතුවක් ලෙස දැකිය හැක. එමෙන්ම හික්කඩුව ප්‍රදේශයට පැමිණෙන සංචාරක පක්ෂීන් නිරන්තරයෙන් මේ අවට ගැවසෙන බැවින් Tranquility guest house වෙත පැමිණෙන සංචාරකයින්ට එහි ආශ්වාදයද විඳ ගැනීමට හැකිය.

Tranquility guest house ඉලක්ක කරගෙන තිබෙන්නේ කාර්යබහුල ජීවිතයක් ගත කරන නමුත් විවේකය නිදහස නිස්කලංකභාවයට ප්‍රියකරන ගණුදෙණුකරුවන් සහ සංචාරයට කැමති සංචාරක කණ්ඩායම්ය. විශේෂයෙන්ම සංචාරයට පැමිණි තරුණ කණ්ඩායම් හට විනෝදයෙන් ගත කිරීමට Tranquility guest house පැමිණිය හැකිය. මෙහි නාන තටාකය, ගෙවත්ත, අවන්හල සහ හෝටලයේ ඇතුළත ඇති පෞරාණිකභාවය සංචාරකයින්ට නැවුම් අත්දැකීමක් ගෙන එයි. බංගලාවක ආකාරයකට නිර්මාණය කර ඇති මෙහි කාමර හතරක් ඇත. එම කාමර හතරම වායුසමනය කර තිබෙන අතර පහළොස් දෙනෙකුට පමණ නවාතැන් ගැනීමේ හැකියාවක් පවති.

Tranquility guest houseහි විවෘත වුණු අවන්හල (restaurant) මේ දිනවල පැමිණෙන සංචාරකයින් හට විශේෂ වට්ටම් ලබා දීමට කටයුතු කරයි. එමෙන්ම අවන්හලේ සාමාන්‍ය මිල ගණන් යටතේ ආහාර පාන ඇනවුම් කළ හැකි අතර එම සාධාරණ මිල ගණන් යටතේ කාර්යක්ෂම සහ වටිනා සේවයක් ලබාදීමට Tranquility guest house කාර්යමණ්ඩලය සැදී පැහැදී සිටියි. මෙහි අවන්හලේ BBQ පහසුකම් පවා තිබෙන බැවින් සංචාරක කණ්ඩායම්වල රාත්‍රී සාද සඳහා එය මහත් ආකර්ශණයක් ගෙන දෙයි. මීට අමතරව තම ගණුදෙණුකරුවන් හට තවත් විශේෂ වට්ටම් රැසක් Tranquility guest house අවන්හල් කාර්යමණ්ඩලය සූදානමින් සිටි.

 

කැළුම් දේවින්ද

 

ENT-20200918-57 (1) ENT-20200918-57 (2)  ENT-20200918-57 (4) ENT-20200918-57 (5) ENT-20200918-57 (6)