2023 මිලාන් Fashion show එකේ එකම Sri Lankan Fashion Designer මම
Diamante by Venuka කියන Designer label එක online brand එකක් විදිහට 2023 දී මම Launch කළා ..ළඟදීම ලංකාවේ Designer Boutique එකක් විදිහට පටන් ගන්න බලාපොරොත්තු වෙනවා...
එහෙම කියන්නෙ වෙනුක වික්‍රමාරච්චි ........
වෛද්‍යවරයෙක් වෙන්න හීන දැකලා අද වෙද්දි Fashion Designing සහ Fashion costume field එකේ දිලිසෙන නමක් හදාගත්ත වෙනුක දැන් ඉන්නෙ එංගලන්තයේ .......
ඇයි වෙනුක එංගලන්තයට ගියේ ? දැන් එංගලන්තයේ මොකද කරන්නේ?
MA Design Masters Degree එක කරන්න තමයි මම එහෙ ගියේ. ඒ අතරේ ලංකාවේ පැවති Pageant වලට National costumes design වලින් ජයග්‍රහණ ලබා ගත්තා.මිලාන්වල පැවැති Ferrari Fashion show එකේදි 2023 වසරේ ලංකාව නියෝජනය කළ එකම Designer වුණේ මම. 2025 සැප්තැම්බර් 7 වැනිදා ඉමායා ලියනගේ සංවිධානය කළ Miss and Mrs Beauty Queen Italy තරගයේ opening Segment එක කළෙත් මම
මොනවද වෙනුක ඔයා හැඩ කරපු චිත්‍රපට ?
කුස පබා සිට සුනිල් ආරියරත්න සර් සමඟ පත්තිනි, විජයබා කොල්ලය ක්ෂීර සාගරය කැළඹිණ ,කදිර දිව්‍ය රාජ වශයෙන් චිත්‍රපට පහක මම වැඩ කළා .ඒ වගේම සෝමරත්න දිසානායක අධ්‍යක්ෂවරයාගෙ සිරි පැරකුම් චිත්‍රපටයත් ජැක්සන් අන්තනී අධ්‍යක්ෂවරයාගෙ දස්කොන් සහ සී රජ වගේම එතුමාගෙ අවසාන නිර්මාණය වන දේවි සම්බුලා එක්කත් මම වැඩ කළා. ලංකාවේ දැනට ඉන්න ජ්‍යෙෂ්ඨම අධ්‍යක්ෂකවරු යටතේ වැඩ කරන්න තරම් ඇත්තටම මම වාසනාවන්ත වුණා . ඒ විතරක් නෙවෙයි නව පරපුරේ දක්ෂ තරුණ අධ්‍යක්ෂවරයෙක් වන දිල්ෂාන් අමරසිංහගේ නවතම චිත්‍රපටයේත් මම වැඩ කළා
ලැබුණු සම්මාන ?
මුල්ම සම්මානය ලැබුණේ දෙරණ ෆිල්ම් සම්මාන උළෙලේදී කුස පබා චිත්‍රපටයට.ඉන්පස්සෙ පත්තිනි චිත්‍රපටයට දෙරණ ෆිල්ම් සම්මානය වගේම ජනාධිපති සම්මානයත් මට ලැබුණා.













