දෙවෙනි ඉනිමේ උදේනි අම්මා හිමාලි සයුරංගි කලා තරු සමගින් ඇගේ උපන්දිනය සමරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කලා ක්ෂේත්‍රය තුළ සුවිශේෂ ජනප්‍රියත්වයක් ලබාගත් අපි හැමෝම ආදරය කරන රංගන ශිල්පිනියක් තමයි හිමාලි සයුරංගි කියන්නේ. ඉතින් අපට ඇයව වර්තමානයේ හිරු රුපවාහිනී නාලිකාවේ විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය හරහාත් දැකගන්නට ලැබෙනවා. කොහොමහරි ඉතින් ඇය අසංක ජයලත් මහතා සමගින් විවාහවී සිටින අතර මේ ආදරණීය යුවලට මේ වෙද්දී පුංචි දියණියක් ඉන්නවා. රංගන ශිල්පිනියක ලෙස මෙන්ම නිවේදිකාවක් ලෙසත් කටයුතු කළ ඇය විවිධ වැඩසටහන් ඉදිරිපත් කල අතර පැහැබර අහස, නදුන් උයන, නුගසෙවන වැනි වැඩසටහන් වලට ඇයගේ දායකත්වය ලබාදීලා තිබෙනවා

අනතුරුව ඇය පළමුවරට රංගනයෙන් දායකවන්නේ ආදරණීය පූර්නිමා ටෙලිනාට්‍යටයි. පසුව ඇය 2016 වසරේදී දෙරණ නාලිකාවේ විකාශය වුනු දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයට සිය රංගන දායකත්වය දක්වන අතර ඇය සුවිශේෂ ජනප්‍රියත්වයක් ලබාගන්නවා. ඒ වගේම තමයි 2007 වර්ෂයේදී සිකුරු හතේ සිනමා පටයටත් ඇය රංගන දායකත්වය ලබා දීලා තියෙනවා. එහිදී සමන්මලී යන චරිතය වෙනුවෙන් නැගී එන හොඳම නිලියට හිමි සරසවිය සම්මානය දිනා ගැනීමට ඇයට හැකියාව ලැබෙනවා

කොහොමහරි ඉතින් මේ නිහතමානී රංගන ශිල්පිනියගේ උපන්දිනය ඊයේ දිනයට යෙදිලා තිබුණා. එලෙස යෙදී තිබුන උපන්දිනය වෙනුවෙන් ඇය පවුලේ සාමාජිකයන් සහ ජනප්‍රිය කළා කරුවන් සමගින් එක්ව උපන්දින සාදයක් චාම්ව සංවිධානය කර තිබුණා. ඉතින් අද අපි මේ සුන්දර රංගන ශිල්පිනිය ඒ අවස්ථාවේ ලබාගත්තු ඡායාරූප පෙළක් තමයි අපේ මේ විදිහට අරගෙන එන්නට හිතුවේ