මම මුලින්ම කිව්වා, දැනුවත් කළා දැන් මට කියන්න එන්න එපා - චන්දිමාල් ජයසිංහ කාටද මේ කියන්නේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

චන්දිමාල් ජයසිංහ කියන්නෙ මෙරට නම ජාත්‍යන්තරයේ නියෝජනය කරවීමට කැපවී කටයුතු කරන ජනප්‍රිය රූපලාවණ්‍ය ශිල්පියෙක්. ඔහු සිය ෆේස්බුක් ගිණුමෙහි තබන ලද සටහනක් මේ විදියට අපිට දකින්න ලැබුණා.

"මේ වසරේ බොහෝ තරග පැජන්ට් පැවැත්වෙනු ඇත එවා සදහා සහබාගිවිමට බලාපොරොත්තු වන දරැවන් වෙත
මුලින්ම මේ වසරට පෙර වසරේ එම තරගයන් වල ජයග්‍රහණය කල තරගකරැවන් ජාත්‍යන්තර තරගය සදහා යොමුකලාද යන්න ඔබ මුලින්ම සොයා බලන්න

මෙලෙස කියන්නට සිතුවේ පසුගිය වසරවල්වල ජාත්‍යන්තර සන්නාමයන්ද අවබාවිතා කරමින් මාද විනිෂ්‍යයේ යෙදුන සහබාගි වු ඇතැම් තරග හුදෙක් ටිකට් පොත් විකුනා මුදල් ඉපයිම් අනුග්‍රහක මුදල්ද සාක්කුවල දමාගත් ඇතැම් තරග සංවිදායකවරැන් එම දරැවන් ජාත්‍යන්තර තරග සදහා යොමු නොකර ඔවුන්ගේ වගක්ම් පැහැර හැරි නිසාවෙනි

ඇතැම් පුහුණු කරැවන්ද දඩමිමා කරගනිමින් ඉදිරියටද එවන් තරග පැවැත්වෙනු ඇත ආදරනිය දරැවන් සහ දෙමවුපියන්ගේ දැනුවත් විම පිනිස මෙම සටහන ලියා තබමි...

මා මේ වසරේ එවන් දේ සහ පුද්ගලයන් විනිශ්චයන් වෙනුවෙන් පෙනි නොසිටිමි....! "

යන්නෙන් චන්දිමාල් ජයසිංහ විසින් මීට ඉස්සර තබන ලද එම සටහන, ඔහු විසින්ම නැවත හුවමාරු කරගෙන තිබුණා.

ඒ,

"මම මුලින්ම කිව්වා දැනුවත් කලා දැන් මට කියන්න එන්න එපා plz
මම ඔය වගකිමක් නැති සහ අහින්සක දරැවො විකුනන් කනවට රවට්ටනවට හැමදාම විරැද්දයි " යන සඳහනත් එක්ක.

කොහොම නමුත් මේ දිනවල නිරූපණ ක්ෂේත්‍රය පිළිබඳව වැඩි වශයෙන් කතාබහට ලක්වන නිසාම ඔහුගේ මෙම සටහනට ඉහළ ප්‍රතිචාරයක් ලැබී තිබුණා..