ගහ මරාගන්න රූප සුන්දරියෝ ඉන්නෙ ලංකාවෙ විතරද කියලා හිතෙනවා. මතකනෙ කැරොලයින් ජූරි. 2019 එයා තමයි Mrs Sri Lanka වුණේ. Mrs Sri Lanka වෙච්ච ජූරි පට්ට කොක්කක පැටලුණේ තවත් රූ රැජනකගේ කිරුළක් ප්‍රසිද්ධියේ ගලවන්න ගිහින්. සිද්ධිය මතක නැත්නම් ආයෙත් ඔයාලා බලන්න. තාම කේස් එක ඉවර නෑ .අළු යට ගිනි වගේ හිටපු ගමන් මතුවෙනවා.
Mrs Sri Lanka Mrs World Sri Lanka Organization සංවිධානයේ ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ 2019 ශ්‍රී ලංකා විවාහක රූ රැජන වෙච්ච කැරොලයින්ට කිව්වේ සමාජ මාධ්‍ය හරහා සිදු කරලා තියෙන අපහාසාත්මක ප්‍රකාශ ඉල්ලා අස්කර ගන්න සහ ඒවා නිවැරදි කරන්න කියලා.කැරොලයින් ඒවා ඉවත් කරගෙන තිබුණත් එයා උත්තර දීලා තිබ්බේ තමන් මිසිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා කියන කිරුළට හෝ තරගයට අපහාස කරපු නැති බවත් පෞද්ගලිකව තමන්ගේ අත්දැකීම් බෙදා හදාගත් බවත් ..
අනේද මන්දා කියලා හිතෙන්නේ කොච්චර පොෂ් විදියට Talk කළත් කස්ටිය ගහ මරා ගද්දී ළිඳ ළඟ සංගම් තමයි මතකයට එන්නේ....

Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
ලංකාවේ සිනමාවේ දෙවැනි ලකා රට වටේ
- 25-03-2026

