
තාත්තා කෙනෙකුගේ ආදරය රැකවරණය සිහිනයක් වුණු දියණියකගේ සිතුවිලි ඔයා දන්නවනම්.......ස්වාමි සෙනෙහස අහිමිව තනිවූ බිරිඳකගේ හද ගැස්ම ඔයාට දැනෙනවනම්.....එහෙම හිත් දෙකක හිස්තැන් පුරවන්න පුළුවන් ආදරණීය පිරිමියෙකු ඔයාගේ ජීවිතයට හමුවෙනවනම්......ජීවිතය කොයිතරම් නම් නිවන නිවෙන නවාතැනක් වෙයිද ?
කල්පන ආරියවංශ සහ වින්දන ආරියවංශ අධ්‍යක්ෂණය කළ මලකි දුවේ නුඹ චිත්‍රපටය රස විඳීමෙන් ඉනික්බිති මගේ හිතේ ඇති වුණේ එහෙම හිතුවිල්ලක්....
නිළි රැජනයයි අභිසෙස් ලද මාලිනී ෆොන්සේකා රංගනයෙන් දායක වූ අවසන් චිත්‍රපටය වන්නේ ද 2026 වසරේ තිරගත වූ පළමු චිත්‍රපටය ලෙස 2026 සිනමා පුස්තකයට එක් වූ
මලකි දුවේ නුඹ චිත්‍රපටයයි.එමෙන්ම ෆොන්සේකා පරපුරේ පරම්පරා ත්‍රිත්වයක්ම නියෝජනය කරමින් නිර්මාණය වූ පළමු චිත්‍රපටය වන්නේද මලකි දුවේ නුඹ චිත්‍රපටයයි. මාලිනී ෆොන්සේකා සමනලී ෆොන්සේකා සහ කුෂේන්‍යා ෆොන්සේකා පරම්පරා ත්‍රිත්වයක් යා කළ ඒ සිනමාමය තරු ත්‍රිත්වයයි.
අතිශය සංවේදී සහ භාවාත්මක තේමාවක් ප්‍රස්තුත කරගත් මලකි දුවේ නුඹ චිත්‍රපටය විශේෂයෙන්ම කුෂේන්‍යා ෆොන්සේකාගේ රංගනයේ විශිෂ්ටත්වය වෙනුවෙන් විවිධ ප්‍රශංසා ලබමින් මේ වන විට තිරගත වෙනවා.







Trending News
Events
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
සිනමාවේ රස මුසු කළ Baiscope Resturant
- 14-01-2026
