හොඳම යාළුවට Love කරද්දි ඒක මාර හැඟීමක්
Soul friend කෙනෙක් ඔයාටත් ඉන්නවද ? ඔයා Girl කෙනෙක් නම් ඔයාගේ soul friend boy කෙනෙක් නම් ඒ Friend ship එකේ අමුතු රහක් තියෙනවා කියලා ඔයාට හිතෙනවද ?
මට නම් හිතෙන්නේ ඔව් කියලා ........
දිනක්ෂි ප්‍රියසාද් එහෙම කතාවක් කිව්වේ සාරංගටද කියලා නම් දන්නේ නැහැ....
ඒත් හොඳම යාළුවා ගැන අහද්දි හොඳම යාළුවා දවසක Boy friend හරි Husband හරි වුණොත් ඒ ගැන මොකද හිතෙන්නේ අහද්දි දිනක්ෂි කිව්වේ මේ වගේ කතාවක්
" හොඳම යාළුවා Life partner වෙනවනම් ඒක මාර ෂෝක්.....හොඳම යාළුවා කියන්නේ අපි ගැන හොඳටම දන්න කෙනෙක්...එතකොට එයා ඉස්සරහ බොරු ශෝ දාන්න හරි රඟපාන්න හරි දෙයක් නෑ.....හොඳම ඇඳුම ඇඳ ගෙන සුවඳම perfium එක ගහගෙන යන්න ඕනෙත් නෑ..හිත හිතා වචන හද හදා කතා කරන්න දේකුත් නෑ.....ඇයි ඉතින් යන්නේ කාලයක් තිස්සේ හොඳටම දන්න කෙනෙක් ළඟටනේ....හොඳම යාළුවෝ වගේ ඉඳලා දවසක ඒ friend ship එක Love එකක් වෙනවනම් ඒ බැඳීම හරිම comfortable කියලා මම විශ්වාස කරනවා....
මමයි සාරංගයි දෙන්නා ඉන්නෙත් වෙලාවකට හොඳම යාළුවෝ වගේ....සාරංග හැමදාම කියන දෙයක් තමා එයාගේ ජීවිතයේ හොඳම තේරීම මම කියලා..ආදරය අඩු වැඩි වෙන අවස්ථා තියෙනවා...පුංචි පුංචි රණ්ඩු ඇතිවුණාට අපි දෙන්නගේ හිත් අස්සේ අපි දෙන්නා වෙනුවෙන් තියෙන ආදරය හරි විසල් ආදරයක්.... අනික මම සාරංග ට ළං වුණෙත් එයාට ආදරය කරන්න පුළුවන් පසුබිමක එයා ඉද්දි......ඇත්ත දන්නේ නැතුව සමහරු චෝදනා කරාට මම කාටවත් වැරැද්දක් නම් කරලා නෑ.......මම සාරංගව තෝරා ගනිද්දී මගේ අම්මා මගෙන් අහපු දෙයක් තමයි ඇයි ඔයා කසාද බැඳලා වෙන් වෙච්ච කෙනෙක් තෝරා ගත්තේ කියලා...හැබැයි එයා මට ඒකට බැන්නෙවත් දොස් කිව්වෙවත් නෑ..ඔයා හිතනවද ඔයාගේ තෝරා ගැනීම හරිම තෝරාගැනීම කියලා අහද්දී මම අම්මට කිව්වේ ඔව් කියලා......අද මම ලෝකයටම කියන්නේ ඔව් කියලා.."
ආදරය කියන්නෙම ජීවිතය දැනෙන තැනකට..........
ජීවිතය කියන්නෙම ආදරය දැනෙන තැනකට........


