LEONARD SYDNEY WOOLF සරසවියෙත් දොරට වඩියි

මරණයටවත් මරන්න බැරි හුඟක් දේවල් ලෝකයේ තියෙනවා ..මට හිතෙන්නේ එහෙම මරණයට මරන්න බැරි එක දෙයක් තමයි ආදරය කියලා කියන්නේ..සම්මුති මරණය තුළ මියැදෙන බොහෝ දේවල් විසම්මුතික මරණය තුළ නොමියෙන තැන් ජීවිතයේ හමු නොවන වග ඔබට දැනිලා ඇති...කොන්දේසි විරහිතව මිනිසුන්ට ආදරය කළ මිනිසුන් කවදාවත් ජීවිතය තුළ මැරෙන්නේ නැහැ....
අතීතයෙන් අනාගතයට එන්නේ ඒ සදාදරණිය මිනිසුන්ගේ මතක..
සුදු නිලධාරියකු ලෙස ලංකාවට ආව ලංකාවේ මිනිස්සුන්ගේ හුස්මත් එක්ක හුස්ම ගත්ත LEONARD SYDNEY WOOLF කියන්නෙත් එහෙම සුන්දර මනුස්සයෙක්.....
ආචාර්ය ඩන්ස්ටන් ජේ.ප්‍රනාන්දු LEONARD SYDNEY WOOLF පොතට කොයිතරම් ආදරයෙන් LEONARD ගැන මතක අකුරු අස්සේ හැoඟුවාද කියලා විඳිද්දී මට දැනුනෙත් එහෙම හැඟීමක්
ඇයි දන්නවද මිනිස්සු ඒ තරම්ම LEONARD ට ආදරය කළේ
යුදෙව්වන් තුළ වන ආදරය නිර්මාණශීලීත්වය මනුෂත්වය දෙවුර දරා ගත් යුදෙව් සම්භවයක් සහිත මේ මිනිසා එංගලන්තයේ සිට ලංකාවට ආවේ සුදු සිවිල් නිලධාරියෙකු වශයෙන් ලංකාවේ මිනිස්සුත් එක්ක වැඩ කරන්න..නීතිය ටිකක් දරුණුයි. ඒ නීතිය තුළ සිවිල් නිලධාරියෙකු වශයෙන් ඔහුට හුඟාක් ඒ මිනිස්සුන්ගේ හද ගැස්මත් එක්ක ප්‍රායෝගිකව ළං වෙන්න ඉඩක් නීතියෙන් නොදුන්නත් ඔහුගේ ළය ලෙයට දැනුණු මනුෂ්‍යත්වය ඒ නීතියෙන් එහාට ගොඩක් දිශාන්තීන් තුළ විහිදිලා තිබුණා.
මිනිස්සුන්ගේ දුක වේදනාව ජාති ආගම් පන්ති කුල කොන්දේසි වලින් වියුක්තව ඔහු හඳුනාගන්නේ මනුෂ්‍යත්වයට සොඳුරු සංනිදර්ශන සපයමින් . ඒ හින්දා
රාජකාරී කබායෙන් එහාට මිනිසුන්ගේ හදවතේ හැඟීම් කියවන්න ඔහු උත්සාහ කළේ ඒ හින්දා
LEONARD ඉපදුණේ 1880 වර්ෂයේ නොවැම්බර් 25 වෙනිදා එංගලන්තයේ දී. භෞතික ශරීරය අත්හැර ඔහු මේ ලෝකයෙන් නික්මී යන්නේ 1969 වර්ෂයේ 14 වැනිදා.
වසර දහයකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ ගත කරමින් ශ්‍රී ලංකාවේ ගම් දනව් සරා ඇවිද්ද
ලෙනාඩ් ලංකාවෙන් සමුගෙන ගිහින් වසර පනහකට පසු ආයෙත් ඇවිත් යන්න ලංකාවට එනවා..
ඇත්තටම ඔහු අමුතු මිනිසෙක්......
1913 වර්ෂයේ දී The Villege In The Jungle කෘතිය ඔහු ලියන්නේ ඔහු හදවතින් ස්පර්ශ කළ මිනිස්සුන්ගේ සංවේදනාත්මක හැඟීම් කැටි කරමින්.
මේ කෘතිය සිංහලයට පරිවර්තනය කළේ ඒ. පී ගුණරත්න විසින් .බැද්දේගම නමින් පරිවර්තනය වූ එම කෘතිය තවත් කාලෙක සිනමා කවියකට ප්‍රස්තුතයක් වෙනවා......
අක් බඹරු නමින් පද්‍ය ග්‍රන්ථයක් ලියූ ආචාර්‍ය ඩන්ස්ටන් ජේ. ප්‍රනාන්දු මේ පොත ලියන්නේ එකී වදනට සාක්ෂියක් සපයමින්.
ඉකුත් දිනක කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ Lavender ශාලාවේදී පරිච්ඡේද නවයකින් සමන්විත LEONARD SYDNEY WOOLF පොත ආචාර්ය ඩන්ස්ටන් ලියලා එළි දක්වනවා.
1.Young Leonard Woolf
2.Welcome to Ceylon
3.Jaffna Posting -Dry and Harsh Environment
4.Colonial Assistant in Cool and Ceremonial Kandy
5.A Rural Development Officer -Hambanthota
6.End of a Golden Era in Hambanthota
7.Back to London Life
8.Revisit Ceylon -Hbanthota -1960
9.Death of a Brilliant British Civil Servant
මේ තමයි ඒ පරිච්ඡේද නවය.
ලෙනාඩ් ගැන ඔයා දැනගෙන ඉන්න ඇති
බැද්දේගම ගැන ඔයා දැනගෙන ඉන්න ඇති
ඒත් යුදෙව් සම්භවයක් සහිත අක් මුල් ළය දරාගෙන සිටි මේ සොඳුරු ආඥාදායකයාගෙ හදවත ඔබ මෙතරම් ගැඹුරින් කියවලා නැතුව ඇති.....
LEONARD SYDNEY WOOLF
ඒ වෙනුවෙන් ........




