’’අයියෝ සාමි’’ ගීතයට එඩිසන් සම්මානයක් දිනු වින්ඩි දිවයිනට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ශ්‍රී ලාංකික ද්‍රවිඩ ගීතයක් වන " අය්යෝ සාමි " ගීතය ගායනා කරන වින්ඩි ගුණතිලක, දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර පැවති 16 වන එඩිසන් සම්මාන උළෙලේ දී ( 16 th Edison Awards ) 2023 වසරේ ඉදිරිපත් වූ විශිෂ්ඨතම සංවේදී ගීතයට (Best Sensational Song of the Year - 2023 ) හිමි සම්මානය හිමි කර ගෙන තිබුණා.

සම්මානය ලබා ගත් වින්ඩි ගුණතිලක ඊයේ රාත්‍රී දිවයිනට පැමිණියාය.

මෙම සම්මාන උළෙල ජාත්‍යන්තර චිත්‍රපට සහ ගීත ඇගැයීම සදහා පවත්වනු ලබන අතර , මෙම සම්මාන උළෙල ඉකුත් මාර්තු 24 වැනි දින ඉන්දියාවේ චෙන්නායි නුවර පවත්වා තිබුණි.

මෙම සම්මාන ලබා ගන්නා අවස්ථාවට මෙම ගීතය රචනා කළ පොතුවිල් අස්මින් සහ මෙම ගීතය සදහා සංගීත‍ය නිර්මාණය කළ සනුක වික්‍රමසිංහ ද එක් වී සිටියහ.