ඉන්දු - ලංකා සංස්කෘතික තානාපතිවරිය යොහානි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සංගීත ලෝකයේ පෙරලියක් කල ශ්‍රී ලංකාවේ නව පරපුරේ ගායන ශිල්පිනියක් වන යොහානි විසින් ගායනා කරන ලද "මැණිකේ" ගීතය පිළිබඳව අලුත්ම කතාබහක් ඇතිව තිබෙනවා.
 
ඒ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා ද අදාළ ගීතය පිළිබඳව අදහස් පළකරමින් තානාපති කාර්යාලයේ නිල ට්විටර් ගිණුමේ පණිවුඩයක් තැබීමත් සමඟයි.

එහි සඳහන් වන්නේ යොහානි මේ වනවිට දෙරටේ සංස්කෘතික තානාපතිවරිය බවට පත්ව ඇති බවයි.
 
යොහානි පසුගිය දිනක ඉන්දියාවේ ප්‍රමුඛතම රූපවාහිනී නාලිකාවක් වන NDTV නාලිකාවේ වැඩසටහනකට ඔන්ලයින් සම්බන්ධ වෙමින් පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකට එක්වීම පිළිබඳව සිය ප්‍රසාදය පළකරමින් මෙම සටහන තබා තිබෙනවා.
 
එම ට්විටර් සටහන පහතින්.