කල් ගිය ‘2019 ජූලි මාසයේ දවසක්’ ජනවාරිවල



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ප්‍රවීණ නාට්‍යවේදී රාජිත දිසානායකගේ නවතම වේදිකා නාට්‍ය ‘2019 ජූලි මාසයේ දවසක්’ නාට්‍ය ජනවාරි 21,22,23 යන දිනයන්හි සවස 7.00ට කොළඹ 07 ලයනල් වෙන්ඩ්ට් රංගශාලාවේදී වේදිකාගත කිරීමට නියමිතයි. මෙම නාට්‍යයේ මංගල දර්ශනය පසුගිය වසරේ පැවැත්වෙන්නට නියමිතව තිබුණත් රටේ ඇතිව තිබූ කොවිඩ් තත්ත්වය නිසා කල් දැමිණි. ජයනි සේනානායක, අනුරාධ මල්ලවආරච්චි, සම්පත් ජයවීර, ප්‍රසාදිනී අතපත්තු, සුලෝචනා වීරසිංහ, නලින් ලුසේනා, ගිහාන් ඩී චිකේරා, අනුක් ප්‍රනාන්දු යන රංගන ශිල්පීන්  ‘2019 ජූලි මාසයේ දවසක්’ නාට්‍ය සඳහා රංගනයෙන් දායක වේ.