චිත්‍රාල් සහ පියල් ළඟදීම පෝලිමේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

චිත්‍රාල් සෝමපාල සහ පියල් පෙරේරා කියන්නේ ලාංකේය සංගීත කලාවේ සිටින දැවැන්තයින් දෙපළක්. ලාංකේය රොක් සංගීතය ජාත්‍යන්තරයට ගෙනගිය ගායකයා ලෙස චිත්‍රාල්ව හඳුන්වන්න පුළුවන්. සුනිල් පෙරේරා නම් දැවැන්ත සංගීතඥයා පසුපස හිඳිමින් ජිප්සීස් සංගීත කණ්ඩායම දිගු කාලයක් පුරාවට ගෙන ආ පුද්ගලයා ලෙස පියල් පෙරේරාවද හඳුන්වන්න පුළුවන්. කෙසේනමුත් චිත්‍රාල් සහ පියල් එකට එකතු වී ළඟදීම අළුත් නිර්මාණයක් එළිදැක්වීමේ සූදානමක් තිබෙන බව අපට දැනගන්නට ලැබුණා. මේ ගීතය ‘පෝලිමේ’ නමින් හඳුන්වා තිබෙනවා. පෝලිමේ ගීතය වර්තමානයේ පවතින ආර්ථික සහ දේශාපලනයේ අස්ථාවරත්වය ඇසුරෙන් නිර්මාණය වී තිබෙන බව මේ ගීතයේ පෝස්ටරය දුටු විට නිගමනය කරන්න පුළුවන්. කෙසේනමුත් පෝලිමේ ගීතය එළිදක්වන දිනය පිළිබඳ තවම දැනගන්නට ලැබී නැහැ.