චූලා අක්කිගෙ පුතාවයි අම්මවයි මම බාරගන්නවා
ඇය දැන් සමුඅරන්....මතක මහා සමුදායක් ශේෂ කර ඇය යන්න ගියා....සංවේදීම කාරණාව වන්නේ ඔටිසම් රෝගය හැදුණු විශේෂ අවශ්‍යතා සහිත දරුවෙක්ට තම ආදරණීය අම්මාත් මේ මරණයත් සමඟ අහිමිවීමයි.....
ඉතින් චූලාගේ වියෝවීමෙන් තනිවූ ඒ පුතු සහ මව වෙනුවෙන් පියුම් හංසමාලි සටහනක් තබමින් කියා සිටියේ චූලා අක්කි වෙනුවෙන් ඒ පුතු සහ මව බාර ගන්නට තමන් සූදානම් බවයි.
"නින්ද යන්නේ නැති නිසා නිකමට ෆේස්බුක් ආවා. එන ගමන්ම මේ පෝස්ට් එක දැක්කා. ජීවිතයේ මොන පැත්ත බැලුවත් දුකක්ම තමයි. මේක කියවලා ඇත්තමයි පපුවත් එක්ක පිච්චිලා ගියා. මට මේවා කියවන්න බෑ, දුකයි. මම ඒ තරම් සංවේදී ගැහැණියක්. මේ මව කියන චරිතය ඇතුළේ, මමත් දරුවෙක් උස් මහත් වෙනකම්ම තනියම හදපු මවක් විදිහට, දරුවෙක් එක්ක තනි වුණු අම්මා කෙනෙක්ගේ දුක, කඳුළු මට හොඳටම තේරෙනවා."
"චූලා අක්කිගේ සැමියා ගැන මම කිසිම දෙයක් දන්නේ නැහැ. කාගේ කවුද කියලවත් දන්නේ නැහැ. ඉතින් ඒ තාත්තා ඉදිරිපත් නොවුණොත්, ඒ ආච්චිවයි පුතාවයි ජීවිත කාලෙම මම බලාගන්නම්. මගේ අම්මයි දරුවයි බලනවා වගේ මම එයාලට සලකන්නම්. මට තියෙන කල් මම හැමෝටම සලකනවා, ඒ මගේ හැටි. Its me Piumi Hansamali."
පියුම් මේ සංවේදී සටහන ලියා තැබුවේ එවන් තවත් එක් සංවේදී සටහනක් කියවලා.ඒ සටහන මෙහෙමයි.
චූලාගේ පුතුගේ පියා වෙත…
අද ඔබෙන් ඉල්ලන්නේ එකම එක දෙයකි.
චූලා පද්මේන්ද්‍රන්ගේ හදිසි වියෝව ගැන ඇසූ මොහොතේ අපේ හදවත් කම්පා වුණා. ඇය බොහෝ දෙනෙකුගේ ජීවිතවල මතකයක් ඉතිරි කරමින් සදහටම නිහඬ වී ගියා.
නමුත් ඇයගේ වියෝවෙන් පසු අපට අමතක කළ නොහැකි තවත් එක් ජීවිතයක් තිබෙනවා…
ඒ ඇගේ පුතුගේ ජීවිතයයි.
මවක් අහිමි වීම ඕනෑම දරුවෙකුට දරාගත නොහැකි වේදනාවක්. විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකුට එය තවත් ගැඹුරු අහිමිවීමක් විය හැකියි. ඔහුට අද අහිමි වී තිබෙන්නේ මවක් පමණක් නොවෙයි… ඔහුගේ ලෝකයේ හුරුපුරුදු ආදරය, රැකවරණය සහ ආරක්ෂාවයි.
අද අතීතයේ සිදුවූ දේවල් ගැන කතා කිරීමෙන් කිසිවෙකුට ප්‍රයෝජනයක් නැහැ.
මවත් පියාත් එකට සිටියත්, වෙන්ව සිටියත්… දරුවෙකුගේ උපතත් සමඟ ඇතිවන “පියා” යන බැඳීම කිසිදා අවසන් වන්නේ නැහැ.ඔහු ඔබ දෙදෙනාගේ ලෙයින් මෙලොවට පැමිනි කෙනෙක්. 50% 50% වගකීම එක ලෙසටම දරුවා ජාතක කල මවටත් පියාටත් පැවරෙනවා.
ඒ නිසා මේ මොහොතේ අප ඔබගෙන් අතීතය වෙනුවෙන් පිළිතුරු ඉල්ලන්නේ නැහැ.
අප ඉල්ලන්නේ ඔබේ පුතුගේ අනාගතය වෙනුවෙන් ඉදිරියට එන්න කියලයි.
ඔහුට ඔබේ අත අවශ්‍යයි.
ඔහුට ඔබේ ආදරය අවශ්‍යයි.
ඔහුට ඔබේ ආරක්ෂාව අවශ්‍යයි.
ඔහුගේ විශේෂ අවශ්‍යතා වෙනුවෙන් ඔබේ කැපවීම අවශ්‍යයි.
චූලා නැවත ඔහු වෙත පැමිණෙන්නේ නැහැ.
ඒ නිසා ඇයගෙන් හිස් වූ ඒ ලෝකයේ “තාත්තා” කියන තැන හිස්වෙන්න ඉඩ නොදෙන්න.
ඔබට පුළුවන් නම් ඔහුගේ අත අල්ලන්න.
ඔහුට අවශ්‍ය ප්‍රතිකාර, අධ්‍යාපනය, රැකවරණය සහ ආරක්ෂාව වෙනුවෙන් ඔබේ ශක්තිය යොදවන්න.
ඔහුගේ අද දවස පමණක් නොව, ඔබ නැති දවසක පවා ඔහු ආරක්ෂිතව ජීවත් විය හැකි අනාගතයක් නිර්මාණය කරන්න.
කවදා හෝ ඔහුට තම මව ගැන සිතෙන විට,
“මගේ අම්මා මාව දාලා ගියේ නැහැ… ඇය මට තාත්තා කෙනෙක් ඉතිරි කරලා ගියා”
කියලා හිතන්න පුළුවන් තාත්තා කෙනෙක් වෙන්න.
චූලාගේ ජීවිතය ගැන අපට බොහෝ දේ කියන්න පුළුවන්. ඇය කළ දේවල් ගැන, ඇය දිනාගත් දේවල් ගැන, ඇය ලෝකයට දුන් දේවල් ගැන කතා කරන්න පුළුවන්.
නමුත් අද ඇය වෙනුවෙන් කළ හැකි ලොකුම ගෞරවය සමහරවිට එය නොවෙයි…
ඇය මේ ලෝකයේ තබා ගිය පුංචි ජීවිතය රැකගැනීමයි.
ඒ නිසා මේ ඉල්ලීම සමාජයෙන්, විනිශ්චයක් නොවෙයි.
එක් පියෙකුගෙන් තවත් මිනිසෙකු කරන ආදරණීය ඉල්ලීමක්.
අතීතය කුමක් වුවත්…
අද ඔබේ පුතුට ඔබ අවශ්‍යයි.
ඔහු වෙනුවෙන් ඉදිරියට එන්න.
චූලා වෙනුවෙන් නොහැකි වූ තරම් දුරක්…
ඔහු වෙනුවෙන් යන්න.
කවදා හෝ ඔහුට තම මව මතක් වූ දවසක,
“අම්මා නැති වුණත්… තාත්තා මාව අතහැරියේ නැහැ.”
කියලා හිතන්න පුළුවන් පියෙකු වෙන්න.
අද සමාජයෙන් ඔබට කරන මේ ඉල්ලීම චෝදනාවක් නොවේ..
ඔබේ පුතුගේ අනාගතය රැකගැනීම මතක් කරන ආදරණීය ඉල්ලීමක් පමණයි
— සංවේදී පුරවැසියෙකුගේ ඉල්ලීමක්
අපි විනිසුරුවන් නොවෙමු.එහෙත් හෘද සාක්ෂියක් ඇති පිරිමියෙක් හෝ ගැහැනියක් ලෙස ජීවත් වූවානම් ජීවිතයේ ඇතැම් ඉරණම් මෙසේ රුදුරු නොවනු ඇත.

