තරු 30ක් නටන - Offmarks තරු රැයක්

  • 12-03-2026
  • Views 4

ජනප්‍රිය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක චාමර සමරවික්‍රම ගේ සංකල්පයකට අනුව තෙවන වරටත් නිර්මාණය වූ Offmarks තරු රැයක්  2026 ප්‍රසංගය මෙම මස 21 වනදා පස්වරු 6.30 ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලාංකීය සිනමාව ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය සහ සංගීත ක්ෂේත්‍රයේ ජනප්‍රිය තරු රැසක් එකම වේදිකාවක රඟන මෙම ප්‍රසංගයේ රංජන් රාමනායක සංගීතා වීරරත්න සුරාජ් මාපා ධනංජය සිරිවර්ධන හිමාලි සිරිවර්ධන සජිත අනුත්තර උදාරි වර්ණකුලසූරිය ඇතුළු ජනප්‍රිය රංගන ශිල්පීන් ශිල්පිනියන් 30 ක් පමණ සහභාගීවේ.

මෙම ප්‍රසංගය පිළිබද අදහස් දැක්වූ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක චාමර සමරවික්‍රම  සදහන් කළේ නැටුම් ගැයුම් වැයුම් හා රැගුම් සපිරි මෙම ප්‍රසංගය තුලින් ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයන්ට අමතක නොවන කලාත්මක හා නවමු අත්දැකීමක් එක් කිරීමට මෙම ප්‍රසංගය සමත් වනු ඇති බවයි. 

මෙවරද මෙම ප්‍රසංගය සදහා ප්‍රධාන අනුග්‍රාහකත්වය සපයනු ලබන්නේ Offmarks  සන්නාමය යටතේ ක්‍රියාත්මක වන පැරිස් ලංකා පුද්ගලික සමාගම විසිනි. මෙම ප්‍රසංගයේ මාධ්‍ය ආවරණය ස්වර්ණවාහිනී රූපවාහිනී නාලිකාව සිදු කරන අතර සම්බන්ධීකරණය ඩෙන්සූ ග්‍රාන්ට්ස් ආයතනය වේ. නර්තන වින්‍යාසය ගයාන් ශ්‍රීමාල් සිදු කරන අතර අධීක්ෂණය හා ප්‍රසංගය ඉදිරිපත් කිරීම තනුජා ජයවර්ධන විසින් ද අධ්‍යක්ෂණය දිල්ෂාන් අමරසිංහ විසිනි. 

මෙවර ප්‍රසංගයේ තවත් විශේෂත්වයක් වනුයේ ශ්‍රී ලංකා කලා ක්ෂේත්‍රයට දිගුකාලීනව සිදු කර ඇති සේවාව අගයා ප්‍රවීණ රංගන ශිල්පී රවීන්ද්‍ර රන්දෙණියට සහ ශිල්පිණී නෙතලී නානායක්කාර  විශේෂ සම්මාන ප්‍රදානයක් සිදු කිරීමට නියමිතවීමය.

මෙම ප්‍රසංගය නැරඹීමට කැමති ප්‍රේක්ෂකයන් හට අවශ්‍ය ටිකට්පත් Pick Me Events වෙත පිවිසීමෙන් ලබාගත හැකි අතර වැඩිදුර විස්තර 0704703704 ඔස්සේ විමසිය හැක.