
පිළියන්දල ලක්මාලී කලායතනයේ සිසු සිසුවියන් තිස් හතර දෙනකුට වෙස් බැඳීම සහ පාහිම්පත් තැබීමේ සාම්ප්‍රදායික උත්සවයට සමගාමීව රඟමිර කලඑළි මංගල්‍යය නොවැම්බර් 22 උදෑසන නමයට පිළියන්දල විද්‍යා ශාන්ති පිරිවෙන් විහාරස්ථානයේදී පැවැත්වේ.
තිත්තපජ්ජල සුමන වීර සහ සමරවීර ගුරු පියවරුන්ගේ මූලිකත්වයෙන් පැවැත්වෙන ලක්මාලී කලායතනය අධිපතිනි ලක්මාලි සමරසිංහ මහත්මිය විසින් තෙවැනි වරටත් සංවිධානය කළ මෙම කලඑළි මංගල්‍යයට ප්‍රවීණ නර්තනවේදී ආචාර්ය රවි බන්දු විද්‍යාපති , ප්‍රවීණ ගායක සංගීතවේදී අමරසිරි පීරිස්, ප්‍රවීණ ගායිකා රූපා ඉන්ඳුමති , චිත්‍රපට නිෂ්පාදක සමන් අලංකාර,කොළඹ විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය අධ්‍යයන අංශයේ හිටපු අංශාධිපති මහාචාර්ය ධර්ම කීර්ති ශ්‍රී රංජන් , හොරණ අධ්‍යාපන කලාපයේ සංගීත ගුරු උපදේශිකා සරෝජා කන්නංගර මහත්මිය ඇතුළු කලාවේදීන් සහ විද්වතුන් රැසක් සහභාගී වෙයි.


Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
ලංකාවේ සිනමාවේ දෙවැනි ලකා රට වටේ
- 25-03-2026
