බෑ කිය කියා Love story වල රඟපෑ King Khan ට දැන් 60 යි
"ඔයාගේ ඇස්වල අමුතු එළියක් තියෙනවා. ඒක action film වලට නාස්ති කරන්න එපා.
"ආදිත්‍ය චොප්රා ශාරුක් ඛාන්ට එහෙම කිව්වේ එයා දිල්වාලේ දුල්හානියා චිත්‍රපටයේ රඟපෑමට අදිමදි කරද්දි.ඇත්තටම ආදිත්‍යය ඒ චරිතය ලියලා තිබුණේ ටොම් කෘස්ව හිතේ තියාගෙන.දිල්වාලේ
දුල්හානියා ස්ක්‍රිප්ට් එක සල්මන් ඛාන් ,සායිෆ් අලි ඛාන්.,අමීර් ඛාන් වගේ හුඟක් අය අතට ගියත් ඒ කවුරුත් එක බාරගත්තේ නැහැ.ශාරුක්ගෙන් ලැබුණෙත් ඒ උත්තරේමයි.ඒත් අදිත්‍යය නෙවෙයි ගේම අත්හැරියේ.කොහොම ගේමක් දුන්නද කියනවනම් ශාරුක් ඉන්න ෆිල්ම් සෙට් වලට මාස දෙකක් තිස්සේ අදිත්‍ය චොප්රා බඩ ගෑවා කිව්වොත් ඒක තමයි හරිම කතන්දරේ.ඒත් ශාරුක් ඒ කාලෙ හිතුවක්කාරයා. .නෑ නෑ නෑ මම Love story කරන්නෙම නෑ .....ඒ තමයි ශාරුක් ගෙ මතය.දවසක් ශාරුක් රඟපානවා බලන්න ෆිල්ම් සෙට් එකට ඇවිල්ලා හිටියා අවුරුදු අසූවක විතර ආච්ච් කෙනෙක් ශාරුක්ට මෙහෙම කීවා.පුතා මම ඔයාට හරිම කැමතියි ඔයා හොඳට රඟපානවා. ඒත් හැම ෆිල්ම් එකකම අවසානේ ඔයා මැරෙනවා. නැත්නම් මරනවා මං ඒකට ආස නෑ.ඇහැයි කනයි දෙකම ශාරුක්ට දාගෙන හිටපු ආදිත්‍යයට මේ කතාව ඇහෙනවා.එක ගලෙන් කුරුල්ලො දෙන්නයි කියනවනෙ .ආදිත්‍යය මේ වෙලාවේ කියනවා ශාරුක් ට.මම දන්නවා ඔයා මට බෑ කියන්න බැරිකමට ඉන්නේ දිල්වාලේ දුල්හානියා එකේ රඟපාන්න.ඒත් ඔයාට මේ රටේ සුපිරි තරුවක් වෙන්න ඕනෙනම් ඔයා action movies වල විතරයි රඟපාන්නේ කියන මතයෙන් අනිවාර්යෙන්ම අයින් වෙන්න ඕනෑ. හැම අම්මා කෙනෙක්ගෙම පුතෙක් හැම සහෝදරියෙක්ගේම සහෝදරයෙක්, කොලේජ් යන හැම ගෑනු ළමයෙක්ගෙම පෙම්වතා වෙන්න පුළුවන් කෙනෙක්ට විතරයි පුළුවන් වෙන්නේ රටේ සුපිරි තරුවක් වෙන්න.මේ කතාව ශාරුක්ගෙ හිතට තදින් වැදෙනවා.කොච්චර වැදුනද කිව්වොත් එයා ආදිත්‍ය චොප්රාට ටික දවසක් ගිහින් කියනවා එයා දිල්වාලේ දුල්හානියා චිත්‍රපටයෙ රඟපාන්න කැමතියි කියලා. දෙවැනි පාර බොලිවුඩ් සිනමාව තුළ ශාරුක් ඉපදෙන්නේ අන්න ඒ තීරණයත් එක්ක.දශක තුනක් තිස්සේ කෝටි ගාණක් රසිකයන්ගේ පපුව අස්සෙ ඉඩක් වෙන් කරගෙන සිනමා වීරයා පෙම්වතා ,ආදරවන්තයා වෙන්න ශාරුක් ට පුළුවන් වුණේ ඒ තීරණයත් එක්ක.බොම්බායෙ විතරක් නෙමෙයි ලෝකෙටම රජෙක් වෙච්ච ශාරුක්ගේ හැට වැනි උපන්දිනේ ඔන්න ආවා ඒත් ශාරුක් හැමදාමත් කොල්ලෙක්.හැමදාමත් රජෙක් .හැමදාමත් කුමාරයෙක්....
හැබැයි ඉතින් හැට පැන්නත් රජා රජාමයි කුමාරයා කුමාරයාමයි


