මට උවමනාවක් තිබුනා ලංකාවෙන් එළියට ගිහින් වැඩ කරන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

‍අද අපි කතාකරන්නේ ලංකාවේ සංගීතය ක්ෂේත්‍රයේ සිට ජාත්‍යාන්තරය දිනාගත් කලාකරු රවී රොයිස්ටර් සමග. ලංකාවේ ඉතා ජනප්‍රිය වූ ‘පස්ස‘ ගීතයේ තනුව මේ වෙනකොට ඉන්දීය සිනමාවේ සිනමා පටයක පසුබිම් ගායනයකට එක් කරගෙන තිබීම ගැන සාරවිට අපි ඔහුත් සමග සුහද සාකච්ඡාවකට එක් උනා. 

මුලින්ම අපි කතා කරමුද ඉන්දියාවට ගිය 'පස්ස' සිංදුව ගැන?

ඒක ඇත්තටම විජය ඇන්තනී සර්ගේ ඇසිස්ටන් ඩිරෙක්ටර් තමයි මට මුලින්ම කතාකරලා කිව්වේ අපි කැමතියි මගේ ඊලග ෆිල්ම් එකට ඔයාගේ පස්ස සිංදුව ගන්න කියලා එහෙම තමයි එක ලැබුනේ. 

Noise Project (නොයිස් ප්‍රොජේක්ට්) කියලා අමුතු සද්ද එක්ක සිංදු හදන්න පටන් ගත්ත රවී අද ඉන්දියාවටත් සිංදු හදනවා, ඒ ගැන අදහස මොකක්ද?

ලොකූ සතුටක් තියෙනවා ඒක ගැන සහ නිහතමානි ආඩම්බරයක් තියෙනවා ලංකාවේ කෙනෙක් හැටියට ඒ වගේ තැනකට රීච් කරණ්න පුළුවන් සහ මගේ කටහඩ ඉන්දියාවේ ඉන්න දක්ෂතම නළුවෙකුට පසුබිම් ගානය ලබාදෙන්න පුළුවන් උන එක ගැනත් සතුටු වෙනවා.  හිතපුවත් නැති දෙයක් තමයි උනේ මම හිතනවා ඉතින් ඉතා සාර්තකව ඒ වැඩේ මම කරා කියලා.

එදා ඉඳන්ම රවී ඉන්දියාව අල්ලන්න ලොකු මහන්සියක් වුනා. අද ඒකේ ප්‍රතිපල ලැබිලා නේද?

අනිවාර්යෙන්ම මම වැඩ කරන්න බලාගෙන හිටියා. මට තිබුනා උවමනාවක් ලංකාවෙන් එළියට ගිහින් වැඩ කරන්න ඕනේ, ලංකාවේන් එළියේ අයත් එක්ක වැඩ කරන්න ඕනේ කියන ලොකූ අදහසක් මට තිබුණා. ඉතින් මට ඕන වුනා  කොහොම හරි මගේ මියුසික් ක්‍රියේෂන් එක එළියට අරන් යන්න. මම හිතනවා මම යම්තාක් දුරට සාර්ථක වුනා කියලා. තව ඉස්සරහට චිත්‍රපට දෙකකට ආරාධනා ලැබිලා තියෙනවා මම ඒ වැඩ කටයුතුත් කරගෙන යන්න බලාපොරොත්තුවෙන් ඉන්නා.  

ඉස්සරහට එන වැඩ ගැන කිව්වොත්?

ලංකාවේ මගේ වැඩ ගැන කිව්වොත් මගේ අලුත් ගීත දෙකක් එලියට එන්න තියෙනවා. මොකද මම පසුගිය මාස කිහිපයකම නිර්මාණ මොකුත් දැම්මේ නෑ ඒ නිසා අලුත් සිංදු දෙකක් එලියට එන්න තියෙනවා ඒ සිංදු දෙකත් එක්ක මම කිව්ව කලින් සිංදු දෙක තමයි ඉස්සරහට එන්න තියෙන්නේ.

එකම ආරයකට කොටු නොවී ඔබගේ ගීත නිර්මානය වීම ගැන ඔබගේ අදහස මොකක්ද?

මම දකින විදිය තමයි නිර්මාණ කරුවෙක් විදියට එක් එක් පැතිකඩයන් පිලිබද ශානරයක් තියෙන්න ඕනේ නැත්නම් හරි අමාරුයි ඒ වැඩේ කරගෙන යන එක. එක එක පැතිවල දේවල් අත්අදහා බලන්න ඕනේ සාමාන්යෙන් ක්‍රියේෂන් එකක් කරනවනම් ඒක එක එක විදියට තමයි කරන්නෙ ඕනේ එකම රාමුවකට කොටු නොවී නිර්මාණ කරනවනම් නිර්මාන කරුවා සාර්ථකයි කියලා මම හිතනවා.

අවසාන වශයෙන් කිව්වොත් ලංකාවේ සංගීත කලාවට රවී කියන්නේ වෙනස් පෙරලියක් කිව්වොත්?

ඔව් එහෙම තැනකට එන්න මුල්ම හේතුව තමයි මම සහභාගි වුන රියැලටි වැඩ සටහන වන දෙරණ ඩ්‍රීම්ස්ටාර් මොකද එතනින් තමයි මට අවශ්‍ය කරණ මුල් අඩිතාලම වැටුනේ ඒක අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ. මම ක්‍රියේට් කරගත්ත දේ ගැන නිහතමානි ආඩම්බරයක් තියෙනවා.  මම දකිනදේ තමයි හැම වෙලාවෙම වෙනස් විදියේ වැඩක් කරන්න ඕනේ වෙනස් විදියේ අදහස් තියන්න ඕනේ කියන තැන තමයි මම ඉන්නේ. ඉතින් ඒ රාමුව ඇතුලේ මම සාර්ථකයි කියන තැන මම ඉන්නවා.

සටහන - සුපුන් උදයංග