මානික්කාවත ටෙලි සිතුවමක් ලෙස



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සම්මානනීය කතුවර මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මහතාගේ 'මානික්කාවත' නවකතාව ටෙලි සිතුවමක් ලෙස නිර්මාණය කර තිබෙනවා. මේ දිනවල එහි රූපගත කිරීම් සිදුවන අතර සම්මානනීය රංගන ශිල්පී ජගත් චමිල මානික්කාවත ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වනවා. මෙහි තිර රචනය මහින්ද ප්‍රසාද් මස්ඉඹුල විසින් සිදු කර තිබෙන අතර එය සුදත් රෝහණගේ අධ්‍යක්ෂණයක්. මානික්කාවත ප්‍රබන්ධ කෘතිය 2015 වසරේ ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ විශිෂ්ටතම නවකතා පහ තුළටද නිර්දේශ වී තිබුණු අතර මේ වනවිට එහි මුද්‍රණ වාර 20කට අධික ප්‍රමාණයක් සිදු කර තිබෙනවා. 
 
මානික්කාවත ටෙලි නාට්‍ය ළඟදීම ප්‍රේක්ෂකයන්ට දැකගන්නට හැකිවන බවට අපි විශ්වාස කරනවා.