මම Restart වෙන්නෙ නිහඬතාවයෙන්

  • 25-03-2026
  • Views 18

බිමල් ජයකොඩි ගැන මේ දවස්වල කතා නොකළොත්  ලොකු අඩුවක්. හේතුව ඔයා දන්නවා . හේතුව තමයි ධර්ම යුද්ධය-2
හෝ ගාලා හිටු ගහලා ධර්ම යුද්ධය රට වටේ ලෝකය  වටේ යන වෙලාවක් තමයි මේක. මිනිස්සුන්ගෙ ඇස් දස දහසක් බිමල්  ජයකොඩි හඬවන වෙලාවක් තමයි මේක.බිමල් කියන්නේ ඇත්තටම සිංහල සිනමාවේ වෙනස්ම  මුද්‍රාවක්.
ඉතින් කතා නොකර කොහොමද  එයත් එක්ක...

Father  එක්ක ධර්ම යුද්ධෙත් ආවම බිමල් hit එකක් වුණා. 

එහෙම නේද බිමල් ?

ලංකාවේ සිනමාවේ හොඳම   පිබිදීමක් ඇතිවෙච්ච කාලයක් තමයි මේක .ඒකත් එක්කම මේ වසරේ තිරගත වෙන මේ චිත්‍රපට දෙක ගැන වැඩි කතාබහක් ඇතිවෙලා තියෙනවා. ඇත්තටම මගේ රංගන ජීවිතයේ වැඩි ප්‍රේක්ෂක කතා බහට ලක්වෙන කාලය   මේ කාලය කියලයි මට හිතෙන්නේ.

ධර්ම යුද්ධය දෙක චිත්‍රපටයේ  හරිස්චන්ද්‍ර කියන චරිතය මෝහන් ලාල් ,කමල් හසන් ,අජේ දේව්ගන් , ජැක්සන් ඇන්තනි  රඟපෑවා .දැන් බිමල් ජයකොඩි...කොහොමද ඒ ගැම්ම....

හිතට එකඟවම කතා කළොත් මම  මගේ රංගන ජීවිතයේ ආස කළ රංගන ශිල්පියෙක් තමයි ජැක්සන් ඇන්තනී කියන්නේ. මම එයාට ආස කරනවටත් වඩා එයා අපේ හැකියාවන්ට  ආදරේ කළා. එයා ආස කළ අපේ පරම්පරාවේ තව අය  හිටියා. මම විතරක් නෙමෙයි රොෂාන් රවින්ද්‍ර , ශ්‍යාම්  ප්‍රනාන්දු  අපි  තුන්දෙනාටම එයා ආදරේ කළා. එයා තුළ අපි තුන්දෙනා ගැන  ලොකු ආදරයක් තිබුණා. එයා  කරපු චරිතයක් මට කරන්න ලැබීම ගැන මට ඇත්තටම සියුම් ආඩම්බරයක් තියෙනවා. මම ඒ චරිතයට  ගැළපුනානේ කියන එක ගැන  හිතෙද්දි දැනෙද්දී හිතට දැනෙන්න පුදුම සතුටක්. අවංකවම මට උවමනාව තිබුණෙ මේ චරිතේ රඟපෑ මෝහන්ලාල් ,කමල් හසන් , අජය දේවගන්ට වඩා හොඳට රඟපාන එක නෙවෙයි. මට ඕන වුණේ මේ හැමෝටම වඩා හරි වෙනම විදියකට හරි මේ චරිතය  ගොඩනගන්න ඕන කියන   අභියෝගය .ඒ අතරෙ ජැක්සන් අය්යට තිබුණු අප්‍රමාණ ගෞරවය නිසා  ජැක්සන් අයියා හදපු චරිතයට හානියක් කරන්න මට බෑ මං මේ චරිතේ කරලා අවසානයේ බලද්දි තමයි මට දැනුනේ ජැක්සන් අයියට දෙන්න ඕනේ හොඳම gift එක නේද මම මේ දුන්නෙ කියලා  ඇත්තටම මම මගේ හිතට අවංකවම  එදා සිනමා ශාලාවෙන් එළියට ආවේ මට ඒක කරන්න පුළුවන් වුණානේ කියන පුදුමාකාර සතුටු සිතුවිල්ලකින්.එහි ගෞරවය අරුණ අයියා චන්න අය්යා ඇතුළු හැමෝටම අයිති වෙන්නත්  ඕනේ. මට තියෙන්නේ ඒ වගේ අහිංසක ආදරණීය සතුටු කඳුළු ඇසට එකතු කරපු  හැඟීමක්.

එහෙම තමයි බිමල් කියන්නේ

ඒ විතරක් නෙමෙයි ධර්ම යුද්ධය -දෙක රූගත කරපු කාලෙ මොහොන්ලාල් මුණගැහෙන්නත්  කතාබහ කරන්නත් බිමල් ජයකොඩිට අවස්ථාව ලැබෙනවා .ඇත්තටම ඒක  ලංකාවේ නළුවෙකුට ලැබෙන වටිනාම අවස්ථාවක්.

අනේ ඔව්  ඇත්තටම මෝහන් ලාල් කියන්නේ මම ආස කරන නළුවෙක්. අපි මලයාලම්  සිනමාවට ආදරේ කරන්න පටන් ගන්න කාලෙම වගේ තමයි මෝහන්ලාල් ගැන අපි අතර ලොකු කතාබහක් ඇතිවෙන්නෙත්.  මෝහන් ලාල් කියන්නේ දැවැන්ත චරිතයක් .මම එයාගේ අනෙක් සිනවා නිර්මාණත් ගොඩක් බලලා තිබුණා. මම එයාගේ තියෙන පෞරුෂයට හරිම කැමති කෙනෙක් .මගේ හිතේ එහෙම ආසාවක් ගෞරවයක් තිබ්බ චරිතයක්  කරන්න තියෙන කාලවකවානුවක මෝහන් ලාල් මෙරට තුළදීම හැබැහින්  දැක බලාගෙන කතාබහ කරන්නට ලැබීම මම ලබපු වාසනාවක් භාග්‍යයක් විදිහටයි මම දකින්නේ.  මේ හමුවීම  තුළ අපි දෙන්නට කියාගන්න සහ බෙදා හදාගන්න ගොඩක් දේවල් තිබුණා. ඒක මගේ ජීවිතයේ විශේෂ අවස්ථාවක් වුණා. මම ඔහුව මුණගැහෙන්න එනවා කියන එක දැනගෙන ඔහු මගේ නම හරිහැටි  උච්චාරණය කරන්නේ කොහොමද කියන එක පවා අහලා තිබ්බා. ඒ වගේම තමයි මම හිතුවෙවත් නැති විදිහේ බොහෝම ළෙන්ගතු ගෞරවාන්විත  පිළිගැනීමක් මෝහන් ලාල් මට ලබලා දුන්නා. වෘත්තීමය  නළුවෙක් තුළ තියෙන ඉතාම පිරිපුන් ගති ලක්ෂණ මම  ඔහුගෙන් දැක්කා. අපිත් තව පරම්පරාවන් ගණනාවක් එක්ක වැඩ කරන  නිසා අපිටත් තව මොනතරම් දේවල් ඉගෙන ගන්න  තියෙනවාද කියන එක මට හිතුණා . ඒ ගත කළ හෝරා දෙකක  කාලය තුළ දවස් දෙකක් වුණත් කතා කළ හැකි දේවල් තියෙනවා. ඔහු මට කතා කළේ 

ජයකොඩි කියලා  . මේ  කාලේ වැඩියෙන්ම කතාබහට ලක්වෙන සිනමා නිර්මාණය  ගැන කතා කරද්දි ධර්ම යුද්ධය දෙක මුලින්ම ලොකු තිරයෙ දකිද්දී මගේ ඇස් දෙකට කඳුළු ආවා .මොකද සිනමා පසුබිම් ගායකයෙක් වෙනවා කියන එක මම කවදාවත් හිතලා තිබුණෙ නැති දෙයක් .ඒක ගායකයෙකුට ලැබෙන විරල  අවස්ථාවක්. ටික වෙලාවක් යනකම් මට චිත්‍රපටයේ මුකුත් පේන්නෙ නැතුව බොඳ වෙලා පවා ගියා. මගේ ආච්චි මගේ නැන්දලා දෙන්නා සහ බාප්පා මේ හැම දෙනාම  මතකෙට ආවා

 බිමල් සාස්තර විශ්වාස කරනවද ?

එහෙම අහන්න  අපිට  හිතුණා.

 මං ඒ දේවල් බැහැර කරන්නේ හෝ ඒ මතම යැපෙන්නෙ නෑ. කරපු වැඩ සහ මේ වසරේ කරන්න ඉන්න වැඩ දිහා බලද්දි අත බලලා සාස්තරයක් ඇහුවා වගේ තමයි මට දැනෙන්නේ. මගේ අත බලන් නැතුව මගේ දිහා බලන ඕන කෙනෙකුට දෙයක් කියන්න පුළුවන් වසරක් තමයි මේ ලැබිලා තියෙන්නේ කියලා මට හිතෙනවා .මොකද මේ වෙද්දි මම රඟප චිත්‍රපට දෙකක් කතාබහට ලක්වෙලා .මට ලැබිලා තියෙන්නේ විශ්වයෙන්
 හොඳම තෑග්ගක්.

බිමල් කවදා හරි හොඳ නළුවෙක් වෙනවා කියන එකත්  ශාස්ත්‍රවලින් හරි හඳහන බලලා හරි කලින් කියලා තියෙනවද?

 මෙහෙම දෙයක් තියෙනවා. මගේ ආච්චි මං පොඩි කාලේ මම කරගන්න සමහර දඟ වැඩ නිසා කේන්දර බලපු සාස්තර අහපු ඒවගේම අපලවලට විවිධ දේවල් කරපු අවස්ථා තිබිලා තියෙනවා. ඔය අතරේ මම කවදා හරි රටේ ජනප්‍රිය චරිතයක් බවට පත්වෙන බව  සමහර අය කියලා තිබුණා  .  හැබැයි ඒ මොන විදිහටද කියන එක ගැන නම් කාටවත් අවබෝධයක් තිබ්බේ නැහැ. තාත්තා හිතුවා මම දේශපාලනය කරයි කියලා. තාත්තත් පූර්ණකාලීන දේශපාලනය කරපු කෙනෙක් .

තාත්තා දේශපාලනය කරානම් පුතාට දේශපාලනයට ඇරයුම් ලැබී නොතිබෙන්න විදිහක් නෑ කියලත් අපිට හිතුණා

අනේ ඔව් අනන්තවත් ඇරයුම් නම් ලැබුණා. තාත්තත් කාලයක්  මේ දේශපාලන සංස්කෘතිය  තුළ තාත්තාගෙන් පසු ලොකු පුතත්  දේශපාලනය කළ යුතුයි කියන තැන හිටියා .හැබැයි තාත්තා එක්තරා තැනකදී මට කිව්වා නෑ උඹ මේකට එන්නවත් හිතන්න එපා උඹ ඉන්න තැන හරි කියන එක .ඊට පස්සේත් ආව එක එක දේශපාලන රැලි එක්ක මට දේශපාලනයට එන්න ආරාධනා ලැබුණා. ඒත් මම ඉතාමත් ගෞරවයෙන්  ඒ දේවල් ප්‍රතික්ෂේප කළා.  ඒ මාරාන්තික කඩඉම් පසුකර ගෙන තමයි මම නළුවෙක් වුණේ.

ඇත්තද බිමල් නිහඬතාවයට හුඟක් ආසා කෙනෙක් කියලා කියන්නේ

ඇත්තටම මම මාව රීස්ටාර්ට් කර ගන්නෙ නිහඬතාවය තුළින් .මම තාක්ෂණික ශිල්පියෙක් විදියට ඉන්න කාලේ ලබාගත්ත දැනුම මට මේ ගමන එන්න ඉවහල් වෙලා තියෙනවා. ඇත්තටම මම දැන් තමයි මගේ ගමන  පටන් ගන්නේ කියලත් මට හිතෙනවා .මම හිතන  විදිහ හරි වෙනස්  අපි ඇගෙන්   වැඩ කරන කාලේ ඉවරයි .මට හිතෙන්නෙ දැන් අපි මොළයෙන්  වැඩ කරන කාලේ..ඇත්තටම අනවශ්‍ය විදියට ඩිජිටල් අවකාශයේ පෙනී ඉන්න කැමති කෙනෙක් නෙවෙයි......