රතු කට්ට පනින තැනක් ආවදාට මොනවා වෙයිද දන්නේ නැහැ - මේක මට ලොකු පීඩාවක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දසුන් පතිරණ කියන්නෙ පුංචි තිරයේ කලාතුරකින් දකින්න ලැබෙන නමුත්, රිදී තිරය ඇතුළේ විප්ලවවාදියෙක්..

"හුස්ම" වගේම "දැවෙන විහඟුන්" කියන චිත්‍රපටවල ඔහු නිරූපණය කරපු චරිත ලොකු ආන්දෝලනයකට තුඩු දුන්නා. ඉතින් මේ දවස්වල කොරෝනා උවදුරත් එක්ක දසුන්ටත් ගෙදරට කොටු වෙලා ඉන්න සිද්ධ වෙලා...

මේ ඔහු ඒ ගැන සතිඅන්ත පුවත්පතකට කියපු කතාව....

කලාව කියන්නේ බොහොමයක් මිනිසුන්ට රසවත් ආහාරයක් වගේ දෙයක්. කුසට ගින්දර දැනෙන වෙලාවට මොනවා හෝ යමක් බඩට දාගන්නවා වාගේ තමයි. හිතට, මනසට මිහිරක් ළංකර ගන්න ඔවුන් කලාව නරඹනවා. නැත්නම් අහනවා.

කොරෝනා විරාමය තුළ වුණත් බලන්න කන්න මොනවා හරි පුළුවන් විදියට බෑග් එකට එකතු කර ගන්න හැමෝම ගෙදරට කොටුවී සිටින පීඩාව අවම කර ගන්න ටී.වී. බලනවා. ඔවුන් නරඹන ඒ කලාව ඔවුනට බෙදා දෙන්නෙ කවුද.., තවත් එවැනිම පිරිසක් වූ ‘කලාකරුවන්…’ චිත්‍රපට, ටෙලිනාට්‍ය නැත්නම් ඇත්තටම මිනිස්සු අද මොනවා කරයිද? කියලා හිතෙනවා.

එච්චරටම මිනිසුන් පිනවන ඒ කලාකරුවන් ඇත්තටම අද ඉහත කී අර මිනිසුන් වාගෙම ගෙදරට කොටුවෙලා. රූගත කිරීම් ඇනහිටලා… ආදායම් මාර්ග නතර වෙලා, ඇත්තටම එය ඛේදජනකයි නේද?

අලුත් ටෙලිනාට්‍ය දෙක තුනක වැඩ අතරමග නතර වෙලා ගියා… මගේ හිතට ලොකු සහනයක් වුණේ, මම ඉතාම ආත්ම තෘප්තියෙන් කළ අරුණ ජයවර්ධනයන්ගේ ‘මාරියන්’ චිත්‍රපටයේ වැඩ කටයුතු කොරෝනා තුන් වැනි රැල්ලත් එක්ක අවසන් වෙච්චි එකයි. නැත්නම් ඒකත් හබක්.

ජනමාධ්‍ය ඔස්සේ වගකිව යුත්තන් නිතර ජනතාව දැනුවත් කරවනවා. ඉවසන්න, ගෙදර ඉන්න, පරෙස්සම් වෙන්න කියලා. හැබැයි කලාකරුවකු ලෙස දසුන් පතිරණ කියන මට එපාම කරපු දේ වෙන්නේ ගෙදරට කොටුවෙලා ඉන්න එක තමා.

ආරක්‍ෂක අංශය වාගෙම සෞඛ්‍ය සේවාවත් දෙන ඒ අවවාද වැරැදි නැහැ. හැබැයි ඉතින්, විරාමය කියන සීමාවේ රතු ඉර පනින තැනක් ආවදාට මිනිස් හැඟීම්වලට මොනවා වෙයිද දන්නැහැ. කොරෝනා විරාමයෙන් පීඩාවට පත්වෙච්චි කලාකරු විදියට මම මෙහෙම කියනවා. කොරෝනාව සමග විරාමයකට නොයා… පරෙස්සම සමග කටයුතු කරන්නට හැකි හොඳ විකල්පයකට යන්න තියෙනව නම් ඒක වඩා හොඳ වේවි.

මම එහෙම කියන්නේ, කොටු වීමේ හෝ අගුළු දැමීමේ සීමාව සාමාන්‍ය මිනිසුන් වාගෙම කලාකාරයන්වත් තදින් පීඩාවට පත්කරවන නිසයි.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු