ලාංකික සිනමාවට එක් වෙමින් තලපතිට සැර උත්තරයක් දුන් තාත්තයි -පුතයි

විජේ තලපති කච්චතිව් දූපතේ මාතෘකාව අල්ලගෙන පහුගිය දවස්වල ලංකාවට දෙන්න හදපු ඇටෑක් එක ඔයාට අමතක වෙන්න විදිහක් නෑනේ නේද ?
Real Artist කොලිටි එක රැක ගන්න බැරි අපත තලපතිගේ කච්චතිව් දෙඩවිල්ලට හොඳම උත්තරයක් දුන්නේ පහුගිය දවස්වල ලංකාවට ආව ඉන්දීය නළු තාත්තයි පුතයි වෙච්ච බෝස් වෙන්කට් සහ තේජු වෙන්කට්. ඉන්දියාවේ ජනප්‍රිය ධාරාවේ නළුවන් දෙදෙනෙකු වෙන බෝස් සහ තේජු ලංකාවට ආවෙ ඔවුන් ලාංකික සිනමාවට එක් වූ බව කියන්න. ප්‍රධාන චරිත නිරූපණයක යෙදෙමින් ඔවුන් රඟ පෑ දේවින්ද කෝන්ගහගේ අධ්‍යක්ෂණය කළ නීරු පුත්ත නෙරුප්පු (අළු යට ගිනි ) මංගල දර්ශනය වෙනුවෙන් ලංකාවට ආව තේජු සහ බෝස් අපිට හමුවුණේ ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී......
Wow Great Experience .....තාත්තයි පුතයි දෙන්නම දැනෙන හැඟීම ගැන ඇහුවම දුන්නෙ එකම උත්තරයක්.....
" අපි සිංහල භාෂාව දන්නේ නැහැ..ඒත් සිංහල අය එක්ක වැඩ කරන්න අපි හුඟක් ආසයි....යාපනයේ නැවතිලා ෆිල්ම් එක ෂූට් කරද්දි හුඟාක් සිංහල මිනිස්සු අපිට හම්බවුණා...භාෂාව වෙනස් වුණාට, සංස්කෘතිය වෙනස් වුණාට ,සිංහල මිනිස්සු හරි ආදරණීයයි..අපේ ඩිරෙක්ටර් වගේම මුළු Crew එකම අපිට හොඳට සැලකුවා......
ලංකාවේ කාලයක් ඉද්දි කනට ඇහුන එකම එක සිංහල වචනයක්වත් මතක නැද්ද කියලා අහද්දි තාත්තටයි පුතාටයි දෙන්නටම දෙන්න තිබුණෙත් එකම උත්තරයක්
ආයුබෝවන් කියන වචනය විතරයි අපිට මතක හිටියේ
නීරු පුත්ත නෙරුප්පු මංගල දර්ශනය බලන්න සිංහල අය ගොඩක් හිටියා ඒ සිංහල ඕඩියන්ස් එක දකිද්දි ඔය දෙන්නට මොකද හිතුණෙ....
අපි එහෙම අහද්දි එයාලා දුන්නේ මෙහෙම උත්තරයක්
Really happy ....සිනමාවට භාෂාවක් නැහැනේ....ඒ අය කොච්චර සංවේදීව කොච්චර හැඟීම්බරව මේ චිත්‍රපටය නැරඹුවාද කියන එක අපිට දැනුණා ..එයාලා හරි ෆ්‍රෙන්ඩ්ලි ..අපි වෙනුවෙන් ඒ චිත්‍රපටය බලන්න ආවට හුඟාක් ස්තුතියි කියලා අපිි කියනවා. අපි ඇත්තටම Artist ලා නම් අපිට කොහොමත් ජාති ආගම් භේද තියෙන්න විදිහක් ඇත්තෙම නෑ...
ඔයාලා දන්නවා විජය තලපති කියන නළුවා කච්චතිව් දූපත ගැන කතාවක් ඇදලා ගත්තා.එයා කතා කළේ අයිතියක් ගැන.විජය තලපතිගෙ මේ ප්‍රකාශයට ඉන්දියානු නළුවන් දෙදෙනෙක් විදිහට ඔයාලා ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ට දෙන උත්තරේ මොකක්ද ?
අපි හිතන්නෙ ඉන්දියානු රජය කච්චතිව් ගැන කතා කරන්නේ නැත්නම් තනි පුද්ගලයන් මොකටද ඒ ගැන කතා කරන්නේ.....ඇත්තටම මේක අනවශ්‍ය දෙයක්...අපි කැමති ලංකාවට ඇවිල්ලා අපි විඳපු ආදරේ සහ සහෝදරත්වය ගැන කතා කරන්න...අපිට ඕනෑ ඒ සතුට විඳින්න......අපේ භාෂාව සිනමාව........ ලාංකික සිනමාවට අපිව හඳුන්වාදීමේ සතුට සහ ගෞරවය තමයි අපිට අද දවසේ දැනෙන ලොකුම හැඟීම....










