වසර 13කට පෙර මේනකගෙන් ලැබුණු අපුරු තෑග්ග ගැන නෙහාරා තැබූ සටහන



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේනක සහ නෙහාරා රාජපක්ෂ කියන්නේ ලංකාවේ කළා ක්ෂේත්‍රයේ ඉන්න ජනප්‍රියම චරිතයක්. මේ දෙදෙනා නොදන්නා කෙනෙක් ලංකාවේ නැති තරම්. මුතු කිරිල්ලි හරහා ප්‍රේක්ෂකයාගේ ආදරය ලබන්නට ඔවුන් සමත් වුනා. මේනක සහ නෙහාරා කියන්නේ ආදරණිය චරිත දෙකක්. ඔවුන්ගේ කැදැල්ල දැන් ඉතාමත් සතුටින් තියෙන්නේ. ඒ කැදැල්ල සතුටින් පුරවන්න අලුත් අමුත්තියක් දැන් ඇවිල්ලා තියෙන්නේ. ඒ තමයි චූටි දෝනි මෙයිලි. එයා එක්ක තමයි මේ දෙන්නගේ කාලය ගත වෙන්නේ.

මේනක සිනමාවේ වගේම පුංචි තිරයේ ඉන්න දැවැන්ත චරිතයක් ලෙසින් ප්‍රසිද්දයි.නෙහාරා කියන්නෙත් පුංචි තිරයේ ඉන්න කැපී පෙනෙන චරිතයක් තමයි නමුත් ඇය මෑතකදී අපට සිනමාව තුලින්වත් පුංචි තිරය තුලින්වත් දැකගන්න ලැබෙන්නේ නැහැ. නමුත් ඇයට අදටත් ප්‍රේක්ෂක ආදරය ලැබෙනවා.ප්‍රේක්ෂකයා කෙරෙහි ඇයටද තියෙන්නේ ලොකු බැදීමක්. මේ වන විට නම් නෙහාරට වඩා ආදරය ලැබෙන්නේ පුංචි දෝනි මෙයිලිට තමයි.


නෙහාරා මේනක ආදර කතාව කාලයක් පුරාවට ජනප්‍රියව තිබුනා. පසුව ඔවුන් විවාහ වෙනවා. කාලයක් ලංකාවෙන් ඇත්වෙලා තමයි ඔවුන් ඉදියේ. ලංකාවට ආපුවම පුංචි දරු සිගිත්තෙකුගේ සුරතල් බලන්න වාසනාව උදාවුනා. නෙහාරා ඩාන්සින් වලට දක්ෂ නිසාම නැවත ඩාන්සින් පටන්ගෙන තියෙනවා. ඇයගේ අලුත්ම කවර් ඩාන්ස් එක හැමෝගෙම අවධානයට යොමුවුනා කිවුවොත් නිවැරදියි. පුංචි දොනිත් අම්මා වගේම ඩාන්සින් කරන්න හරි කැමැතියි.

මේනක වසර 13කට පෙර නෙහාරට දීපු තෑග්ගක් පිලිබදව නෙහාරා සමාජ මාධ්‍යට සටහනක් එක්කර තිබුනා. ඒ ගවුමක්. මුතු කිරිල්ලි මුහුරත් උළෙලදා දීපු ත්‍යාගයක්. බලන්න මම මේ ඇදගෙන ඉන්න වයිට් ටොප් එක මම ඊයේ ගත්ත පින්තුරය අනෙත් පින්තුර දෙක 2008 මුතුකිරිල්ලි මුහුරත් උළෙලදා එය මගේ නැන්දිගෙ තෑග්ගක්. මම තවමත් එයට කැමතියි.මට තවමත් එය පැළදිය හැකිවීම ගැන මම සතුටු වෙමි. යනුවෙන් ඇය සටහන් කර තිබුනා. ඒ ඇයගේ ආදරයයි.