ශත විසිපහකින් ඇරඹි ගීතයෙන් ගලා ගිය මිතුදමක්
ශත විසිපහෙන් ඇරඹි අපූරු මිතුදමක් තියෙනවා .
ඒ මිතුදමේ එක් අයිතිකාරයෙක් එක්තරා දවසක ඒ මතකය වචන බවට පරිවර්තනය කළේ මෙහෙමයි.
" මගේ මුල්ම ගී තැටිය ගුවන්විදුලි සංස්ථාවට භාර දී යන්න හදන විට මගේ මුදල් පසුම්බිය නැතිවී ඇති බව දැනුණා. ඒ අවස්ථාවේ මට බස් ගාස්තුව දුන්නේ(ශත 25ක්) ළඟ හිටිය හීන්දෑරි කොලු ගැටයෙක්.
ඊට මසකට පමණ පසු මගේ මුල්ම සංගීත සංදර්ශනයට සහභාගී වීමට ගිය අවස්ථාවේ අර තරුණ ගැටයා මට නැවතත් මුණ ගැහුනා.
ඔහු කවුදැයි මා විමසුවා."මං වික්‍ටර් රත්නායක." ඔහුගේ පිළිතුර වුණා.
මා කවුදැයි ඔහු මගෙන් විමසුවා. " ඔරුවක පාවෙන....සිංදුව කියන්නේ මං...." මගේ පිළිතුර වුණා. එලෙස මුල පිරූ අපගේ ඇසුර අද, සහෝදරකමකටත් වඩා තදින් බැඳී ඇතැයි කීම අතිශෝක්තියක් නෙවෙයි."
දවසක් දා මිල්ටන් මල්ලවාරච්චි මිල්ටන් -වික්ටර් මිතුදමේ ඇරඹුම ගැන කියූ කතාවයි මේ.
ඉතින් පසු කාලයකදී මිල්ටන් මල්ලවාරච්චි සුමිතුරා වෙනුවෙන් වික්‍ටර් රත්නායකයන් මියුරු තනු කිහිපයක් නිමැවූවා.
ආවා ආදරෙන් - කරුණාරත්න අබේසේකර
දෙඅදර විලිකුන් සුරත්ඵලේ- KDK ධර්මවර්ධන
රනඹර ඉඳුදුනු - KDK ධර්මවර්ධන
සුන්දරත්වයෙන් පිරි- ප්‍රේමකීර්ති ද අල්විස්
දිනෙක රන් සළු - ප්‍රේමකීර්ති ද අල්විස්
පැරදීලා පලා ගියේ නෑ - KDK ධර්මවර්ධන
ලබන්න බැරි සුව සහනේ- කරුණාරත්න අබේසේකර
පියා සළනා ලිහිණියක සේ- කරුණාරත්න අබේසේකර
සමනල තටු යට- මහාචාර්ය සුනිල් ආරියරත්න
මේ තමයි ඒ ගී මංජරිය.ඉතින් අපූරු මිතුදමක් අවසන ගී යායට තිළිණ වූ ඒ ගි මතක අදටත් අපේ හිත් ළඟ කොයිතරම් සුවඳද ?
