සමිතා තම ආදරණීය මවගේ උපන් දිනය සමරමින් තැබූ සටහන



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සමිතා මුදුන්කොටුව කිව්වම ලංකාවේ නොදන්න කෙනෙක් නැති තරම්. අපේ රටේ ඉන්න ඉතා ජනප්‍රිය වගේම ප්‍රවීණ හා දක්ෂ ගායිකාවක් තමයි සමිතා මුදුන්කොටුව කියලා කියන්නේ. ඒ වගේම තමයි සමිතා හා අතුල වගේම ඔවුන්ගේ මුළු පවුලම නිතරම සමාජය තුළ වගේම වෙනත් මාධ්‍ය තුලත් නිතර කතා බහට, විවේචනයන්ට හා ඇගයීම්වලට ලක්වෙන පවුලක්. සමිතට දක්ෂ ගායන රංගන කුසලතා පිරි ලස්සන දියණියක් වගේම පුතෙකුත් ඉන්නවා. අපිට මෙයාලව නිතරම සමාජ මාධ්‍ය ඔස්සේත් දැක බලා ගැණීමේ හැකියාව තියෙනවා.

ඒ වගේම තමයි පසුගිය දිනවල සමිතා මුදුන්කොටුව ගැන සමාජ මාධ්‍ය තුළ වැඩිපුර කතාබහට ලක්වුණා. ඒ ඇය රූපවාහිනී නාළිකාවක් ඔස්සේ තම පෙම්වතා ගැන ඉගියක් ලබා දෙමින් ඇයට වඩා ලාබාල තරුණයකු සමඟ විවාහ වීමත් නිසා. එය ඇතැම් විට සමාජයේ දෝෂාරෝපණයට ලක් වුණත් එය ඔවුන්ගේ පෞද්ගලික ජීවිතය නිසා ඒවා විවේචනය නොකළ යුතු බවත් බොහෝ දෙනාගේ අදහස වුණා. කෙසේ හෝ සමාජයෙන් එල්ළ වෙන විවේචන හැමදේම දරාගෙන සමිතා මේ වෙද්දි හරිම සතුටින් තම පවුලේ අයත් එක්ක කාලය ආදරණීයව ගත කරනවා. අපිට ඒ බව නිතරම ඔවුන්ගේ සමාජ මාධ්‍යන් තුළින් වුණත් දැක බලා ගන්න හැකි වෙනවා.

ඉතින් පසුගිය දින සමිතා මුදුන්කොටුවගේ ආදරණීය මවගේ උපන් දිනය යෙදී තිණා. ඉතින් ඒ වෙනුවෙන් සමිතා තම ආදරණීය මව ගැන පවසා වීඩියෝ එකක් හා සටහනක් ඇගේ යූ ටියුබ් චැනලයට හා ෆේස්බුක් ගිණුමට එක් කර තිබුණා. ඒ වගේම සමිතගේ දියණිය කාවින්ද්‍යා අධිකාරිත් තම ආච්චි අම්මට සුබ පතමින් තම සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ සුබ පැතුම් එක් කරමින් උපන් දිනය සමරා තිබුණේ මෙලෙසින්.