
දකුණු ඉන්දියානු සිනමා නළු සූර්යා ලංකාවට ආවේ චිත්‍රපටයක රූගත කිරීම්වලට.ඊයේ 21වැනිදා ඒ රූගත කිරීම් ඇරඹුණේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී . B.M.I.C.H එක පාර්ලිමේන්තුව විදිහට සකස් කරලා shooting පටන් ගනිද්දි සිද්ධ වුණේ සූර් යා වත් සිනමා අධ්‍යක්ෂ ආර්.ජී බාලාජීවත් නොහිතපු දෙයක්.
මන්ත්‍රී චරිතයකට රඟපෑ මාතලේ රත්තොට පදිංචි ශ්‍රී ලාංකික දමිළ නළුවෙක් වූ 52 හැවිරිදි අලගර් කරුපසාමී (බෝස් ) shooting වලට ලෑස්ති වෙද්දි බිම වැටිලා හිටියා. රෝහලට ඒ සැණින් රැගෙන ගියත් ඒ වෙද්දි ත් අලගර් ජීවිතයෙන් සමුඅරන්.
සූර්යා ගේ චිත්‍රපටයේ ඉතුරු ටිකට මොකද වෙන්නෙ කියලා තාම මොකුත් අපි දන් නෑ.කරුප්පු (කළු ) චිත්‍රපටයෙ shooting අතරෙ තමා අලගර් කරුපසාමි ශ්‍රී ලාංකික දමිළ නළු හෘදයාබාධයක් හේතුවෙන් ජීවිතයට සමුදුන්නෙ
