ඔබ සැමට සාමය සතුට සෞභාග්‍යය සපිරි සුබ සිංහල දමිළ අලුත් අවුරුද්දක් වේවා
කලා ක්ෂේත්‍රයේ දශකයක අභිමානයත් සමඟ ඇගේ වෘත්තීය ගමන් මගේ සොඳුරු අක්ෂරයන් කියවන්නට ඉතින් සපැමිණෙනු මැන.
ඉතින් අහන්න............
අප ඇය කැඳවාලූයේ ඇගේ පුරාවත සනිටුහන් කරන අතරේම උදාවූ සිංහල දමිළ අලුත් අවුරුද්දේ අසිරිය ගැන ඇගේ අර්ථවත් විවරණය ද වදන් කරලනු පිණිසමය.
ඉතින් අග්‍රාශ්‍රී දස වසරක ඒ අතීතයේ පිටු ඔබත් එක්කම කියවන්න ඉතින් අපි ආසයි............
"මාගේ වෘත්තීය ජීවිතය දෙස ආපසු හැරී බැලීමේදී, එය නිර්මාණාත්මක කලාව, සන්නාම විශිෂ්ටත්වය සහ අඛණ්ඩ උත්සාහය මුසු වූ දශකයකට වඩා වැඩි කාලයක සුන්දර මතකයන්ගෙන් පිරී පවතින්නක්. වර්තමානය වන විට මගේම පවුලේ මගේම අක්කා සමඟ එක් වී ආරම්භ කළ අපේ ව්‍යාපාරික ආයතනයේ මමයි අක්කයි නිර්මාතෘවරියන් සහ ප්‍රධාන විධායක නිලධාරිනියන් ලෙස කටයුතු කරමින්, ශ්‍රී ලාංකීය දක්ෂතාවන් ජාත්‍යන්තර තලයට ඔසවා තැබීම වෙනුවෙන් කැපවී සිටිනවා.
මගේ මේ ගමනේ සුවිශේෂී හැරවුම් ලක්ෂය වුණේ 2015 වසරේ 'මිස් ශ්‍රී ලංකා' (Miss Sri Lanka) කිරුළ දිනා ගැනීමයි; Miss Sri Lanka for Miss Scuba international, Miss Super model worldwide එතැන් පටන් ජාත්‍යන්තර රූ රැජින තරග, සිනමාව සහ ප්‍රමුඛ පෙළේ සන්නාම තානාපතිනියක ලෙස විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ඉදිරියට ඒමට මට අවස්ථාව ලැබුණා.
මගේ වෘත්තීය ජීවිතයේ සුවිශේෂී සන්ධිස්ථාන කිහිපයක් තියෙනවා.
ජාත්‍යන්තර නිරූපණ ක්ෂේත්‍රය:
2018 වසරේ පැවැති Miss Super Model Worldwide තරඟාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලොව ප්‍රමුඛතම රූපලාවන්‍ය රැජිනන් පස් දෙනා (Top 5) අතරට තේරී පත්වීමට මට හැකි වුණා. එහිදී මගේ මව්බිමට අභිමානයක් ගෙන දෙමින් 'හොඳම දේශීය ඇඳුම', 'හොඳම දක්ෂතාවය', 'හොඳම කැට්වෝක්' සහ 'හොඳම නිරූපිකාව' යන ප්‍රධාන සම්මාන හතරම දිනා ගැනීමට හැකි වීම මා ලැබූ විශාල ජයග්‍රහණයක්.
විලාසිතා සහ වේදිකා නිරූපණය:
වසර 7කට අධික කාලයක් කොළඹ විලාසිතා සතියේ (CFW) ප්‍රධාන නිරූපිකාවක ලෙස කටයුතු කළ මා, පිට පිට වසර තුනක් එහි නිල ප්‍රචාරක ව්‍යාපාරවල ප්‍රධාන මුහුණුවර ලෙස තේරී පත්වුණා. එමෙන්ම ලොව සුප්‍රකට H&M සන්නාමය මෙරටට හඳුන්වා දීමේදී එහි ප්‍රධාන නිරූපිකාව ලෙස කටයුතු කිරීමට ලැබීමත් මා ලැබූ ගෞරවයක්.
සිනමාව සහ රංගනය:
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ 'ක්ෂීර සාගරය කැලඹිණ' චිත්‍රපටය හරහා ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා සමඟ සිනමාවට පිවිසි මා, ඉන්පසු 'කදිර දිව්‍යරාජ' වැනි චිත්‍රපටවලට දායක වුණා. විශේෂයෙන්ම, රුසියානු චිත්‍රපටයක (To the Moon and Back) ප්‍රධාන නිළියක ලෙස රංගනයෙන් දායක වූ ප්‍රථම ශ්‍රී ලාංකීය නිළිය වීමට ලැබීම මගේ රංගන ජීවිතයේ ඓතිහාසික අවස්ථාවක්. මගේ රංගන දායකත්වය වෙනුවෙන් 2025 SIGNIS ටෙලි සිනමා සම්මාන උළෙලේ හොඳම නිළිය සඳහා නිර්දේශ වීමත් මට මහත් දිරියක් වුණා.
සන්නාම තානාපතිනියක
ලෙස:
Beverly Street, Ramzi & Co සහ Mashup Hair Care වැනි ප්‍රමුඛ ආයතන රැසක සන්නාම තානාපතිනියක ලෙසත්, වසර 5ක් පුරා Viana Cosmetics ආයතනයේ නිල මුහුණුවර ලෙසත් මම කටයුතු කළා. එසේම SLT Mobitel, Union Bank, Elephant House සහ KFC Sri Lanka (පළමු දේශීය වාණිජ නිරූපිකාව ලෙස) වැනි දැවැන්ත සන්නාමයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ලැබීම පිළිබඳව මම සතුටු වෙනවා.
අධ්‍යාපනය සහ මගේ අනාගත දැක්ම:
කලා ක්ෂේත්‍රයේ නියැලෙන අතරතුරම, මම දැනට නීති උපාධිය හදාරමින් සිටින නීති සිසුවියක්. බුද්ධිමය වර්ධනය සහ වෘත්තීය දැනුම මගේ සාර්ථකත්වයට අත්‍යවශ්‍ය සාධකයක් ලෙස මම දකිනවා. ඉදිරියේදී සිනමා තිර රචනය සහ අධ්‍යක්ෂණය ඔස්සේ කලා ක්ෂේත්‍රයේ නව මානයන් ගවේෂණය කිරීම මගේ මීළඟ බලාපොරොත්තුවයි.
දශකයක වෘත්තීය අත්දැකීම් සහ නිර්මාණාත්මක දැක්ම උපයෝගී කර ගනිමින්, ව්‍යාපාරික මෙන්ම විනෝදාස්වාද ක්ෂේත්‍රය තුළ ප්‍රබල ගමනක් යාම මගේ තවත් අරමුණයි.
සමාජ මාධ්‍ය ජාලා (Instagram/Facebook) Harini Agrashri Kawyanjani
ඉතින් ඒ තමයි හරිනි අග්‍රා ශ්‍රී කාව්‍යාංජනී ගේ ජීවන ගමනේ පරිච්ඡේද.........
සිංහල හා දමිළ අලුත් අවුරුද්ද කියන්නේ අපේ සංස්කෘතියේ තියෙන වටිනාම උරුමයයි.
Q : සිංහල හා දමිළ අවුරුදු චාරිත්‍රවල වැදගත්කම
අවුරුදු චාරිත්‍ර කියන්නේ හුදෙක් සම්ප්‍රදායක් විතරක් නෙවෙයි, එය අපේ සමාජීය සහ ආධ්‍යාත්මික බැඳීම ශක්තිමත් කරන පාලමක් විදියට මම දකිනවා,එහි ප්‍රධාන වැදගත්කම් කිහිපයක් තිබෙනවා:
Q: එකමුතුකම
වසර පුරා විවිධ කාර්යයන් නිසා මගහැරුණු නෑදෑ හිතමිතුරන් මුණගැසීම සහ අමනාපකම් අමතක කර නැවත සබඳතා අලුත් කරගන්න ලැබෙන හොඳම අවස්ථාව මෙයයි ;එහෙම තමයි ආච්චියි සීයගේ ඉදන්ම කියන්නෙ.
Q :කෘතගුණ සැලකීම: සොබාදහමට, විශේෂයෙන්ම අපට ආහාර දෙන සූර්යයාට සහ ගොවිතැනට උදව් කරන සතුන්ට වගේම, වැඩිහිටියන්ට ගෞරව කිරීම මේ චාරිත්‍රවලින් මනාව පිළිබිඹු කරන ගමන් අපිට සිරිතක් විදියට කෘතගුණ සලකන්න පරම්පරාවෙන් පරාවට උගන්වනවා පිළිබිඹු කරනවා
Q :විනය සහ පිළිවෙළ: මුළු රටක්ම එකම වෙලාවකට ලිප ගිනි මෙලවීම, ආහාර අනුභවය වැනි වැඩ කිරීමෙන් සාමූහික විනයක් ගොඩනැගෙනවා….
Q :පුංචි කාලයේ සිට මේ දක්වා චාරිත්‍ර ඉටු කළ ආකාරය
Q: මගේ මතකයේ හැටියට, පුංචි කාලේ අවුරුද්ද කියන්නේ හරිම සුන්දර අත්දැකීමක්. අදටත් ඒ සුන්දරත්වය අපි පවුලක් විදිහට ආරක්ෂා කරනවා.
Q: සූදානම: අප්‍රේල් මාසය උදාවෙද්දීම ගේ දොර අලුත්වැඩියා කරනවා, අම්මා මුළු තැන්ගෙයි තියෙන පහේ බෝතලයේ ඉඳන්ම පිරිසි දුකරනවා… අලුතින්ම උයන්න අවශ්‍ය කරන භාජන ගේනවා. කිරි උතුරැ වන්නත් එක්කම…
Q :ඒවගේම අම්මා කැවුම් කොකිස් හදන සුවඳ මුළු ගේ පුරාම පැතිරෙනවා
Q: නොනගතය: ඒ කාලේ අපි සෙල්ලම් කරන එක නතර කරලා පන්සල් යනවා. ඒ නිහඬ කාලය මනසට ලොකු සහනයක්.
ඒ කාලේ ඉඳන්ම අද මේ වෙනකොටත් නොනගතයේදි කිසිම දෙයක් කන්න දෙන්නෙ නැහැ… අඩුම තරමේ රසකැවිලිවල රසවත් එහෙම බලන්න දෙන්නෙ නැහැ. ඒ දේවල් අවුරුදු ලැබුවාම චාරිත්‍ර කරනකොට බුදුන්ට සහ දෙවියන්ට පූජා කරලා ඉන් අනුතුරුවයි අපි ආහාරයට ගන්නෙ සහ පරම්පරාවෙන්ම පුරුදු වෙලා කරගෙන එන දෙයක් …
Q :වැඩ ඇල්ලීම සහ ආහාර අනුභවය: පවුලේ හැමෝම එකට වාඩි වෙලා තාත්තා හෝ අම්මා මුලින්ම කවන කිරිබත් කෑල්ලේ තියෙන ආදරය අදටත් එලෙසමයි …. හරිම ආසයි ඒ වෙලාවට අම්මා තාත්තා කවන මුල්ම ආහාරය ගන්න… එක අමුතුම රසයක් ආදරයක් රැකවරණයක් ආශිර්වාදයක් ඊළඟ අවුරුද්දට අරගෙන යනවා
කියලා අපි දන්නවා
Q අවුරුදු වෙනස: ඉස්සර අපි එළිමහන් ක්‍රීඩා වලට වැඩිපුර යොමු වුණා. අද තාක්ෂණය එක්ක ලෝකය වෙනස් වුණත්, අපි උත්සාහ කරන්නේ දුරකථනය පැත්තකින් තියලා පවුලේ අය එක්ක ගෘහස්ථ ක්‍රීඩාවක හෝ නිරත වෙලා ඒ සතුට බෙදාගන්නයි. නෑදැයින් සමග ස්වභාව ධර්මය එක්ක කාලය ගත කරන්න
Q: පරම්පරාවෙන් පරම්පරාවට මේවා පුරුදු වූ ආකාරය
මෙය සිදුවන්නේ වචනයෙන් උගන්වනවාට වඩා දැකීමෙන් සහ අත්දැකීමෙන්මයි
Q : ආදර්ශය: අපේ අම්මලා තාත්තලා වැඩිහිටියන්ට බුලත් දීලා වඳිනවා දකිද්දී, නිරායාසයෙන්ම අපේ හිත්වලත් ඒ ගෞරවය ඇති වුණා. අද අපි අපේ දරුවන්ට ඒ දේම ආදර්ශයෙන් පෙන්නනවා…. සහ පෙන්වන්න ඔන…
Q :සාමූහික ක්‍රියාකාරකම්: කැවුම් උයද්දී අම්මට උදව් කරන එක, ළිප ගිනි මෙලවීමේදී තාත්තා එක්ක එකතු වෙන එක වැනි දේවල් ඔස්සේ මේ චාරිත්‍රවල තියෙන ශාස්ත්‍රීය පැත්ත වගේම සංස්කෘතික වටිනාකම අපේ ලේවලටම කිඳා බැස්සා …. ඒකට කලින්ම පේ වෙලා
ඒ අවුරුද්දෙ නැකැත් චාරිත්‍රවලට සුදුසු වර්ණය හැද පැළදගෙන ඒ දේවල් හරියටම කරනවා….
Q අවුරුද්දටම එකපාරයි මේ සිංහල අවුරැද්දේ හැමොම එකතු වෙලා කලට වෙලාවට නැකැත් සිරිත් විරිත් කරන්නේ… ඒ කාලය ඒ මතක ආපහු ගන්න බෑනෙ
Q : අගය කිරීම: අපේ මුතුන් මිත්තන් අපට කියා දුන්නේ "අවුරුද්ද කියන්නේ ලබන එකක් නෙවෙයි, හදාගන්න ඕන එකක්" කියලා. ඒ කියන්නේ පවුලේ සතුට සහ සහජීවනය අපි විසින්ම නිර්මාණය කරගත යුතු දෙයක් බවයි.
Q : ඉතිං අවුරුද්ද කියන්නේ හුදෙක් නැකත් වේලාවන් විතරක් නෙවෙයි, ඒ නැකත් ඔස්සේ අපේ හිත්වල ඇතිවන ගුණධර්මයි. අපි හැමෝම උත්සාහ කරන්න ඕනෑ මේ උතුම් සංස්කෘතිය මතු පරපුරටත් මේ විදිහටම දායාද කරන්න.
ලබන්නා වූ මේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබටත්, ඔබේ පවුලේ සැමටත් සාමය, සතුට, සෞභාග්‍යය පිරි ප්‍රාර්ථනා කරන සියලු පැතුම් ඉටු වන වාසනාවන්ත වසරක් වේවා!
