චිත්‍රපට දෙකක රඟපාන්න මම අද ලංකාවට එනවා......

සැතපුම් වලින් කොයිතරම් දුරක ජීවත් වුණත් ඇය කිසිදා ප්‍රේක්ෂක මතකයෙන් සහ ආදරයෙන් ඈතට නොයන්නට තරම් වාසනාවන්ත වූවාය .දිලිසෙන තරු ගුණය හැමදාමත් එකසේ රැකගන්නට තරම් ඈ වාසනාවන්ත වූවාය. ඇමෙරිකාවේ ජීවත් වුවත් හදවතින් ලාංකික සිනමාවෙන් සහ කලාවෙන් කිසිදා දුරස් නොවූ ඒ රුවැත්තිය ඩිලානි අබේවර්ධන බොහෝ කලකට ඉනික්බිති නැවතත් සිනමාවට එක්වෙනවා.....
ආයෙමත් හුඟාක් කාලෙකට පස්සෙ ඔයා රඟපානවා......ආසම ආරංචියක් ඉතින්..........
අනේ මටත් හරිම සතුටක්.ඔයා දන්නවද ඇමෙරිකාවේ කොච්චර හොඳ ජීවිතයක් ගත කළත් රංගනයෙන් ඈත් වෙච්ච දුක අඩුව මට පුදුම විදිහට දැනුණා.ඇමෙරිකාවට ආව මුල් දවස්වල ඒක පුදුම දුකක් විදිහට දැනුණා. මම ලංකාවෙන් ආවෙ මගේ කලා ජීවිතයේ හොඳම කාලයේදී. එදා මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ගෙන් ඈත්වීම කලාවෙන් ඈත්වීම පාළුවක් තනිකමක් විදිහට දැනුණා.හැබැයි මම කවදාවත් එයාලගෙන් සහ කලාවෙන් හදවතින් ඈත් වුණේ නෑ. Social media වල මම රඟපෑව පොඩි කෑල්ලක් දැක්කත් මට පුදුම ආදරයෙන් comment කරන ප්‍රේක්ෂකයන් අදටත් ඉන්නවා....ඒ ආදරය හරි වාසනාවක්
ඉතින් ආයෙත් සිනමාව තුළ ඩිලානි නිළියක් වෙන්නෙ කොහොමද කියලා කියන්න?
උදයකාන්ත වර්ණසූරිය අධ්‍යක්ෂවරයාගෙ මේඝ වර්ෂා චිත්‍රපටයේ රඟපාන්න එන්න කියලා තමයි මට මුලින්ම ඇරයුම ආවෙ.හංසලී සමරවික්‍රම ට ඇත්තටම මම මේ වෙලාවෙ හුඟාක් ස්තූතියි කියනවා මොකද හංසලී තමයි මට කතා කරලා කීවේ අක්කි රූපහල නිෂ්පාදනයක් විදිහට මේඝ වර්ෂා කියලා film එකක් කරනවා..ඔයාට පුංචි චරිතයක් තියෙන්නෙ දවස් දෙක තුනක් විතර shooting එකක්...අක්කි ඒකෙ රඟපානවනම් ආසයි..ඒත් කමක්නැද්ද පුංචි චරිතයක් වෙනුවෙන් ඔයා ඇමෙරිකාවේ ඉඳන් මෙහෙ එන්න වෙන එකට කියලා...මම හරි සතුටින් ඒක බාරගත්තා..මම හුඟාක් ජනප්‍රියම කාලෙ මෙහෙ ඇවිත් ඉද්දි මට හිතුනා කවදා හරි ආච්චි කෙනෙක්ගෙ චරිතයක් හරි කමක් නෑ රඟපාන්න ලැබුණොත් රඟපානවා කියලා.මම එනවා කියලා දැනගෙන එරංග සේනාරත්නත් මට කතා කළා එයාගෙ family කියන චිත්‍රපටයෙ රඟපාන්න .ඒකත් පුංචි චරිතයක්..බුද්ධික ජයරත්න තමා එරංගට කියලා තියෙන්නෙ ඩිලානි රඟපාන්න ලංකාවට එනවා family එකට ත් කතා කරමු කියලා.......ඉතින් චිත්‍රපට දෙකකම රඟපාන්න මම එනවා
කාලෙකින් රඟපාද්දි මොකද හිතෙන්නෙ?
ඇත්තටම කීවොත් සතුටක් වගේම පොඩි බයක් චකිතයක් දැනෙනවා.ඇයි අනේ කාලෙකට පස්සෙනෙ ඉතින්...
කොහොමද එදා වගේම අදත් තරුවක් වගේ ලස්සනට ඉන්නෙ ?
හැමදේකින්ම ඈත්වෙලා ඇවිත් මෙහෙ රස්සාවක් එක්ක ජීවිතය පටන් ගනිද්දි මනස හදාගත්තෙ බිංඳුවේ ඉඳන් .ඒත් මෙහෙ හුඟාක් අය මාව නිළියක් කියලා දන් නැති වුණාට මම කවදාවත් මම නිළියක් කියලා අමතක කළේ නෑ...මොන වැඩකට එළියට ගියත් wash එකක් අරගෙන light Make up එකක් හරි දාගෙන සපත්තු ඇඳුම් hand bag එක ගැලපෙන්න ඇඳලා කරගෙන තමා මම යන්නෙ.අද ලංකාවෙ හුඟක් නිළියන් ඒක හිතනවා අඩුයි ...ඒ අයටත් මම ආදරයෙන් කියන්නෙ තරු ගුණය හැමදාම රැකගන්න කියලා.....
ප්‍රේක්ෂකයන්ට මොනවද කියන්න තියෙන්නෙ?
කවුරු මාව හඳුනගෙන කතා කළත් මම එයාලට කතා කරනවා .photo එකක් ගන්න කතා කළොත් යනවා.එයාලා නිසා තමයි අපේ ජනප්‍රියත්වය හැමදාම රැඳුණේ ..ඉතින් මගේ ආදරය කවදාවත් වෙනස් වෙන්නෙ නෑ




