දිල්හානිට දැන් හිනාවෙන්න තහනම්ද?

මරණයට පුළුවන්ද ආදරය මරන්නට.... මම හිතන්නේ හුස්ම වැටෙනකම් හිස්තැනක් නොදැනෙන්න ආදරය දුන්න කෙනෙක් මරණයේදී අඬන්න ඕනෑ නෑ.
දිල්හානි අශෝකමාලා ප්‍රියංකර පෙරේරාව අපිරිමිත ස්නේහයකින් බලාගත්තෙත් එහෙමයි....
ඉන්නකම් ආදරයෙන් සැනසුවානම් මරණයේදී අඬන්නෙ ඇයි.......
දිල්හානිගෙ හිනාවට හුගාක් අය බනිද්දි ඒ හිනාව වෙනුවෙන් ශාන්ති දිසානායක මෙහෙම ලියුවා....
වැන්දඹුවකට වර්ණවත්.වස්තර තබා ජීවිතයද ඕනෑ නැතැයි කී බමුණෝ හිමි දැවෙන දර සෑයටම පැන සති පූජා පවත්වන්නට බල කළ අතීතයේම අඳුරු හා සැහැසි සෙවනැලිද මේ රඟ දෙන්නේ...?
දිල්හානි හිනැහී කතා කළා යැයි දෝෂාරෝපණය කරන අපේ ශෝකාතුර පේමාතුර ආතුරයෝ වනාහී සමාජයක් අඳුරට ඇද දමන තරමට ඇඳිරිය..නිර්දයය. ඒ ආකල්පයම එක්තරා අතකින් නරුමයි.
වියෝ වේදනාව වූ කලී එකිනෙකා විවිධාකාරයෙන් දරා ගන්නා මනෝභාවයක් නොවේද..
ශෝකය පළ කිරීමේ පරිමාව මෙසේ විය යුතුයැයි අණ පනත් පමුණුවන ජගතෙක් කොහිද...?
ජීවිතය හැර පියා යන්නට පෙර සිය යුතුකම් හා වගකීිම් ඉටු කළ කවරෙකු හෝ වේවා මරණයේදී දරාගත නොහැකි වේදනාවෙන් වැලපෙන්නට උවමනාද...?
වැඩියෙන් වැලපුණ තරමට වැඩි සෙනෙහෙ පිළිබිඹු වන බවට වන සාවද්‍ය මතය අප වෙතින් නොවියැකෙන තාක් අපි අපේම ආකල්පවල වහලුන් නොවෙමුද...?
ජීවිතය ලද අපි මරණයටද උරුමකම් කියමු. ඒ නියත දහම වටහානොගෙන ව්‍යාජයට ආවඩන්නට අපි උත්සුක වන අයුරු උත්ප්රාසය දනවන සුළුය.
ව්‍යාජ රංගනවලට ප්‍රිය කරන අපි අව්‍යාජත්වය ප්‍රතික්ෂේප කරන ආකාරයද එක්තරා අතකින් පුදුම විය යුතු දෙයක් නොවේ ..
