සියලු සළු පිළි උනා දමා දිය කෙළියට දියට පැන්න හිතුවක්කාරිය.....

  • 08-06-2026

එලෙස......කෙලෙස

ආහ්........එලෙස කෙලෙස.....

ඔහ්...සියලු සළු පිළි උනා දමා දිය කෙළියට දියට පැන්න හිතුවක්කාරිය.....

එහෙම දියට පැනලා  ඇඟේ නූල් පොටක්වත් නැතුව සර්වාංගයම හිරි වැටෙන්න  දිය කෙළිද්දී ඒකිට වයස කීයක් වෙන්න ඇද්ද.......

හුස්ම ගන්න අපි අතර ජැක්සන් ඇන්තනී හිටියානම් කොතනකදි හරි එයා ගැන එහෙම කියයි කියලා මට හිතෙනවා......

සිනමා කෙළියේ දිය කෙළින්න වතුරට පනිද්දි ඒ ඇත්තිගෙ නම අභිලාෂි සන්තුෂ්කි........
ඉතින්................
එලෙස කෙලෙස..............

Q . කොහොමද අනේ ඔයා එලෙස කෙලෙස වුණේ ?


A.රේණු නැන්දයි සෝමේ අංකල් දෙන්නා නිසා තමයි එහෙම වුණේ....

Q . එතකොට ඊට කලින් ඔයා රඟපාලම නෑ ?

A.තියෙනවා..තුනේ පන්තියේ වගේ ඉඳන් ඉස්කෝලෙ වේදිකා නාට්‍යවල රඟපාන්න පටන් ගත්තෙ....

Q . ඒ කියන්නෙ කොළඹ ආනන්ද බාලිකාවේ තරුවක්....
 
A.මෙහෙමයි ෂේක්ස්පියර් එහෙම කරලා semi final වෙනකම් ආවා ...final නම් එන්න බැරි වුණා කවදාවත්...

Q . ඇහුවට කමක්නැද්ද ප්‍රශ්නයක් ?

A.මොකක්ද ?

Q . මම ප්‍රශ්නයක් ඇහුවම ඔයත් ප්‍රශ්නයක් අහනවා...එහෙම බෑ ඔයා දෙන්න ඕනෑ උත්තරයක්...

(ඒ පාර මිණි කිංකිණි වගේ හිනාවෙනවා) 

A.හරි මොකක්ද?

Q . ගෑනු ළමයි ආසම නැති ප්‍රශ්නයක් මම අහන්න යන්නෙ .......එලෙස කෙලෙස වෙද්දි අභිලාෂි සන්තුෂ්කිගෙ වයස කීයද ?


A. ඒකද.....17 යි අනේ

Q . ඉතින් ඉස්කෝලෙන් ඔයාට ඕවට යන්න එපා අනම් මනම් කියලා ප්‍රශ්න දැම්මෙ නැද්ද ?

A. අනේ නෑ..ඉස්කෝලෙන් මට මාර support එකක්  දුන්නෙ.බුද්ධි මිස් ව තමයි ඒ ප්‍රශ්නය අහද්දී ඉස්සරෝම මතක් වෙන්නෙ..මිස් මට පුදුම සහයෝගයක් දුන්නෙ....මුළු පාසලම එහෙමයි........

Q . ඉස්සරෝම ඔඩිෂන් ගිය දවසෙ සන්තුෂ්කිගෙ සන්තුෂ්ඨිය අතුරුදන්වෙලා පපුව ඩිග් ඩිග් ගෑවද ? නැත්නන් නෑවෙන්න දාඩිය දැම්මද ?
 

A. පපුවනම් ඩිග් ඩිග් ගෑවෙනෑ...හැබැයි ඇතිවෙන්න දාඩියනම් දැම්මා..

Q . ....ආ....?

A.ඔව් ...ඒ දවස්වල ලයිට් කපනවනෙ...ඉස්සරෝම ඔඩිෂන් එකකට ගිය වෙලාවෙත් ලයිට් කපලා...

Q . ඉතින් ?

A.රේණු නැන්දයි සෝමේ අංකල් දෙන්නා ටෝච් ගගහා තමයි මගේ දිහා බැලුවේ.....

Q . ..Selected......එහෙම ඇහෙද්දී මොකද හිතුණෙ....

A.මාර happy ...රේණු නැන්දා සහ සෝමේ අංකල් දෙන්නා ඒ චරිතයට කෙනෙක් හොයලා තියෙන්නේ අවුරුද්දක විතර කාලයක ඉඳන්....


Q . ජැක්සන් ඇන්තනී ව මුලින්ම  Location  වලදී ඔයාට හම්බවුණාද ?

A. ඔව් එයා එක්ක රඟපාන්න වාසනාවක් නැතිවුණාට මුල්ම  Location  එකේදි එයා හමුවෙන්න තරම් මම වාසනාවන්ත වුණා.

Q . රේණු නැන්දාගෙන් දවසක් හොඳට බැණුම් ඇහුවා නේද ? 

A. ඔව් අනේ

Q . ඒ මොකටද ?

A.Film Premiere  එකකට එන්න පොඩ්ඩක් පහුවෙලා.Actress  කෙනෙක් වුණාම පරක්කු වෙන්න හොඳ නෑ කිසිම දේකදි කියලා මට හොඳටම බැන්නා....

Q . ඉතින් ඊට පස්සෙ?

A.ඊට පස්සෙ කවදාවත් කිසිම දේකදි විනාඩියක්වත් පහු වෙන් නෑ..කොහොමත් විනාඩි පහක් පහුවුණත් අම්මිත් හොඳටම බණිනවා.

Q .  ජීවිතයේ හෙවණැල්ල කවුද?

A.ලොකුම හෙවණැල්ල අම්මි...ඊට පස්සෙ මගෙ තාත්ති සහ පවුල...ඊටත් පස්සෙ රේණු නැන්දා සහ සෝමේ මාමා...ඉස්කෝලෙ Grade 1 ඉඳන් හිටපු යාළුවො මට තාම කතා කරනවා...හැබැයි මගේ ලෝකයේ ලොකු සර්කල් එකක් නෑ.....

Q . ප්‍රේක්ෂකයන්ට ආදරෙයිද ?


A. ඔව් photo එකක් ගහන්න කතා කළත් මාව  වැළඳ ගත්තත් මම එයාලව  ඕනෑම වෙලාවක පිළිගන්නෙ හරි සතුටින්

එයාගෙ එන්න තියෙන Film සහ එයා  ආසාවෙන් කරපු චරිත ගැනත් එයා ආසාවෙන් කීවා.....
හැබැයි ඒවා ගැන ඔයාට කියන්න අපිට තව කල් තියෙනවා
වෙලාවට කලාවට කියන්නම්
ඔයාට නොකියා කාට කියන්නද අනේ....
ඉවසන් ඉන්න ඈ......