අධ්‍යක්ෂණයෙන් පස්සෙ මම සියල්ල අත්හරිනවා

  • 07-11-2025
  • Views 92


මම සුදු වෙන්න ක්‍රීම් ගාන නළුවෙක්වත්  ක්‍රීම් ගාලා සුදු වෙලා චරිත හොයන නළුවෙක්වත් නෙවෙයි. මම රඟපාන්න තෝරගන්නෙ. මට හොඳටම දැනෙන චරිත විතරයි.රඟපෑම මම කොයිවෙලාවකවත් මගේ රස්සාව කරගන්නේ නෑ.මගේ රස්සාව නිවේදන වෘත්තිය.මම ජීවත් වෙන්න  සල්ලි හොයන්නේ ඒ රස්සාවෙන්.මම රඟපාන්නේ ,මම නළුවෙක් විදිහට සිනමාවත් එක්ක මගේ ගමන යන්නේ ජීවත් වෙන්න සල්ලි    හොයන්න නෙමෙයි.
             එහෙම කිව්වේ ලාංකික සිනමාවේ අති දක්ෂ නළුවෙක් වෙච්ච අශාන් ඩයස්. 


 ජීවිතය ගැන රංගනය ගැන සිනමාව ගැන තමන්ට හිතන දේවල් සංස්කරණයකින් තොරව කතා කරපුු අශාන් පපුවටම වදින හුඟක් දේවල් ගැන කතා කළා.

" කාන්තාරයේ තිබහින් ඇවිද ඇවිද ඉඳලා වතුර ටිකක් ලැබුණ  වගේ හැඟීමක් මට දැන් දැනෙන්නේ.ඇත්තටම මම දැන් යන්නේ අත්හැරීමක ගමනක.එකම එක බලාපොරොත්තුවක් හින්දා විතරයි ඒ අත්හැරීම පරක්කු වෙනවනම් පරක්කු වෙන්නේ.ඒ මගේම අධ්‍යක්ෂණයක් ගැන තියෙන බලාපොරොත්තුව.ඒකත් කරලම මේ යන ගමන අත්හරින්න වෙයි කියලා මට දැන් හිතෙනවා.මගේ හිතේ ලොකු කලකිරීමක් තියෙනවා.විශේෂයෙන් මට හම්බෙන  සමහර පිටපත් කියවපුවහම මාර කලකිරීමක් හිතට දැනෙනවා.ඒ කියන්නෙ මට දෙන චරිත දැකපුවම ඔයා ගැන හිතලා ලිව්වා කිව්වත් ඒ වගේ චරිත මම මීට කලින් හුඟක් කරලා තියෙනවා.එක විදිහම චරිත නළුවෙකුට දෙන එක අසාධාරණයි
මෙයා මේ වගේ චරිතයක් කලින් චිත්‍රපටයෙ නියමෙටම කළා. ඒ නිසා මේ චරිතෙත් මේ නළුවටම දෙනවා කියලා හිතනවා නම් ඒ චරිතයෙන් එහාට කොහොමද නළුවෙක්  ගමනක් යන්නෙ.ඇත්තටම මම ආසම මේ දේවල් ගැන කලකිරෙනවාට වඩා ,බැන බැන ඉන්නවට වඩා ඒ රේන්ජ් එක පෙන්වන්න තමන් ආසා විදියේ චරිත අපිම නිර්මාණය කරගෙන අපිම අධ්‍යක්ෂණය කරලා මෙන්න මේවා තමයි ඇත්තටම වෙන්න ඕනේ කියන එක ලෝකෙට පෙන්නන්න .ඇත්තටම ලක්මාල් ධර්මරත්න සහ චත්‍ර වීරමන් හින්දා මට කාන්තාරෙක ඇවිද ඇවිද  ඉද්දී වතුර ටිකක් ලැබුණා වගේ හැඟීමක් දැනුණේ.
ඔයා චත්‍ර වීරමන්ගෙ ආයු බැලුවනම් ලක්මාල් ධර්මරත්නගේ වාලම්පුරි  බැලුවනම් ඒ ෆිල්ම්සවල අශාන් ඩයස්ගේ රඟපෑම බැලුවනම් එයා කියන කාරණේ ඇත්තටම ඔයාලට හොඳට වැටහේවි.මෙතෙන්දි තව චිත්‍රපට අධ්‍යක්ෂකවරු කීප දෙනෙක්ගෙම නම් අශාන් ඩයස් සඳහන් කළා

ලාංකික සිනමාව ගැන කලකිරීමකින් කතා කරන එකම නළුවා අශාන් ඩයස් නෙවෙයි.හුඟක් අයට අද කතා කරන්න වෙලා තියෙන්නේ අන්න ඒ විදිහට.හේතුව හේතු එකක් නොවන නිසා හේතු ගොඩක් නිසා ඒක ඇත්තටම වෙනමම කතා කරන්න වෙන මාතෘකාවක් කියලයි හිතෙන්නේ.