ආයෙත් මට Social media ඕනෑ

  • 20-03-2026
  • Views 29

ඇයි  නතාෂ පෙරේරා එකපාරටම නිහඬ  වුණේ? 


ඔයාලටත් සමහරවිට එහෙම හිතිලා ඇති. කාලයක් ඔස්ට්‍රේලියාවේ ගිහිල්ලා  පදිංචි වෙලා හිටිය නතාෂා ගායන ශිල්පිනියක්, නිවේදිකාවක් රංගන ශිල්පිනියක් වගේම කාලෙන් කාලෙට එක එක  විලාසිතා වලින් ප්‍රේක්ෂකයන් හමුවට එන චරිතයක් විදියටත් ගොඩක් අය දැන් අඳුනගෙන තියෙනවා...නතාෂා දැන් ආයෙත් ලංකාවේ......ඉතින් කොහොමද එයාගේ ජීවිතේ......

හුඟක් කාලයක් ලංකාවෙන් ඈත ඔස්ට්‍රේලියාවේ ජීවත්වෙන ඔයා ලංකාවට ඇවිල්ලා පහුගිය කාලෙ Cover song   එකක් කළා .ඉතින් කොහොමද ලැබෙන ප්‍රතිචාර ?

අවුරුද්දක විතර කාලෙක ඉඳන් මම සම්පූර්ණයෙන්ම සමාජ මාධ්‍යයෙන් ඈත් වෙලා හිටියා. ඉස්සර මම හුඟාක් සමාජ මාධ්‍යයත් එක්ක හිටපු කෙනෙක්. හැම වෙලේම පෝස්ට් දානවා. Share කරනවා ඒ වගේ . ඒත් මට හිතුණා ඒ හැමදේම නවත්තලා දාලා ජීවිතේට ලොකු බ්‍රේක් එකක් ගන්න ඕනේ කියලා. ඒ නිසා මම සමාජ මාධ්‍යයෙන් හුඟාක් ඈත් වුණා.   ඇත්තටම කියනවනම් සමාජ මාධ්‍යවල පළවෙන  දේවල්  බලන එකත් මම නතර කරලා තිබ්බා ඉතින් ඒ විදියට දින තුන්සියයකට වැඩි කාලයක් මම මාත් එක්කම ජීවත් වුණා  වගේ කාලයක් තිබුණා. ඉතින් එත් ඊට පස්සේ මට හිතුණා ආයෙමත් මුල ඉඳන් මං කරපු වැඩ  පටන් ගන්න ඕනේ කියලා. . ඒ හින්දම තමයි ආස ගීත කවර් සෝන්ග්  විදිහට කරලා  සමාජ මාධ්‍යයත් එක්ක ආය  එකතු වුණේ.

ලැබෙන ප්‍රතිචාර කොහොමද ?නුඹට දුන්න ආලෙට?

ඇත්තටම හුඟක් කාලයක් තිස්සේ මම සමාජ මාධ්‍යට එක්ක එන්නේ නැතුව හුදකලා වෙලා වගේ හිටපු නිසා මං හිතුවේ මගේ ප්‍රේක්ෂකයින්ට මගේ ශ්‍රාවකයින්ට මට ආදරේ කරපු හුඟාක් අයට මාව අමතක වෙලා ඇති කියලා. මම නුඹට දුන්නු ආලේ කවර් සෝන්ග්  එක එළියට දාද්දි ලැබුණු ප්‍රතිචාර ගැන හිතා ගන්න බැරුව ගියා. ඒ ලැබුණු ප්‍රතිචාර ගැන නම් පුදුම සතුටක්  තියෙන්නේ. ඒ කියන්නේ මාව දැක්කෙ නැති වුණාට  මම ඈත්වෙලා හිටියට මගේ ප්‍රේක්ෂකයන් මගේ ශ්‍රාවකයන් මගෙන් ඈත් වෙලා නෑ වගේ .මේ හැම කෙනෙකුටම මම හුගාක්  ආදරෙයි.ඒ අයට  හුඟාක් ස්තූතියි කියලත් කියන්න ඕනෑ .මම ඇත්තටම මේ ක්ෂේත්‍රයට ආවේ සුළඟක් වී ගීතය එක්ක. ඒ මීට අවුරුදු 22කට ඉස්සර.ඉතිං අවුරුදු විසිදෙකකට ඉස්සර කාලෙක ඉඳන් මේ විදිහට අද වෙනකම් ආදරේ කියන දේ ලබාගන්න තරම් මම වාසනාවන්ත වුණ එක ගැන ඇත්තටම මම සතුටු වෙන්න ඕනෙ.

Cover songs  වෙනුවට ඔයාගෙම කියලා අලුත් නිර්මාණයක් කරන්න නැද්ද?

එහෙම බලාපොරොත්තුවක් හිතේ තියෙනවා .ඒ බලාපොරොත්තුව වෙනුවෙන් තමයි මේ දවස්වල පසුබිම සකස් කරගෙන යන්නේ. මං උත්සාහ කරනවා හැකි ඉක්මනින්ම මගේම කියලා ගීතයක් මගේ ආදරණීය රසිකයන්ට දෙන්න

එදා වගේම ඔබ  තවමත් ලස්සනයි .ඇයි රඟපාන්නේ නැත්තෙ?


ඕස්ට්‍රේලියාවට යන්න කලින් මට  ලංකාවේ දැවැන්ත  අධ්‍යක්ෂවරුන්ගෙන් ආරාධනා ලැබුණා රඟපාන්න එන්න කියලා. මට සිද්ධ වුණා අකමැත්තෙන් හෝ ඒ දේවල් ප්‍රතික්ෂේප කරන්න. ඒ මගේ ඕස්ට්‍රේලියාවට යන ගමන නිසා.මට ඒ ආරාධනාවන් ලැබුණෙත් එහෙ මෙහෙ යන අධ්‍යක්ෂකවරුන්ගෙන් නෙමෙයි මම හුගාක් ආදරයෙන් ගෞරවයෙන් සලකන අධ්‍යක්ෂවරුන්ගෙන් . මං හිතන්නේ ඇත්තටම මම හරි වාසනාවන්ත කෙනෙක් කියලා හැබැයි ඉදිරියේදිත් මට ඒ වගේම ආරාධනාවක් ලැබෙයි .එහෙම ආරාධනාවක් ලැබුණොත්  මගහරින්නෙ නැතුව කරගෙන යනවා.

තාම සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මුදා නොහැරපු කලින් කරපු නිර්මාණත් තියෙනවද?

එහෙම නිර්මාණ නම් මොකුත් නැහැ.  සංගීතය පැත්තට තමයි මම වැඩි නැඹුරුවක් දීලා තියෙන්නේ. හැබැයි ඒකෙන් කියන්නේ රංගනයෙන්  ඈත් වුණා කියන එක නෙමෙයි. ඉතාම ඉක්මනින්ම අර කලින් කිව්වා වගේ මගේ  ප්‍රේක්ෂකයන්ට නිර්මාණයක් දෙන එක තමයි මගේ බලාපොරොත්තුව.


කැමතිද ඔයාගේ පෞද්ගලික ජීවිතේ ගැන තොරතුරු අපිට කියන්න

මං කවදාවත් මගේ පෞද්ගලික ජීවිතේ ගැන තොරතුරු ශෙයා කරගන්න කෙනෙක් නෙමෙයි. හැම වෙලාවේම බෙදා ගන්නේ මගේ නිර්මාණ කටයුතු. මට හිතෙන්නේ ඒක හොඳයි කියලා .මොකද හැමෝටම පෞද්ගලික ජීවිතයක් තියෙනවා. 

හරි අපි මෙහෙම ඇහුවොත් සමහරක් වෙලාවට සමහර අය ජීවිතේ ගන්න සමහර තීරණ ගැන පසුතැවෙන වෙලාවල් තියෙනවා. ඔයා කවදාහරි  ජීවිතයේ ඇයි මම ඒ තීරණය ගත්තෙ කියලා හිතලා පසුතැවෙන  තීරණ තියෙනවාද්?


ජීවිතයේ  ගත්ත තීරණ ගැන කොච්චර පසුතැවුණත් වැඩක් නෑ. මොකද ඒ තීරණ අරගෙන ඉවරයි. කරන්න ඕන දේ තමයි වැරදුනු තැන් හදාගන්න එක .ඒ තැන්වල වැරදුනේ ඇයි කියලා අවබෝධ කරගෙන ආය  ඒ වගේ වරද්දගන්නෙ නැතුව ජීවිතේ නිවැරදි කරගන්න පාර හදාගන්න එක. මොකද අපි හුඟක් වෙලාවට පොඩි දේටත්  පසුතැවෙනවා. ඒක වැරදියි. අපි කරන්න ඕන පසුතැවෙන එක නෙමෙයි නෙමෙයි. වරද  අවබෝධ කරගෙන කටයුතු කරන එක .මගේ ජීවිතය ගෙවෙන්නෙ එහෙමයි. මම ජීවත් වෙන්න කැමතිත් එහෙමයි.


ඔයාට හිතෙනවද පුංචි කාලේ හිටිය නතාෂාගේ ජනප්‍රියත්වය දැන් අඩුවෙලා කියලා?

ජනප්‍රියත්වය කියන්නේ  සදාතනික දෙයක් නෙවෙයි. මේ ලෝකයේ පවතින අනිත් හැමදේම වගේ ජනප්‍රියත්වය කියන දේත් වෙනස් වෙනවා. ඒක විතරක් හැමදාම එක විදියට පවතින්නේ නෑ. සමහර විට අද හුඟාක් ජනප්‍රිය කෙනෙක්  හෙට ජනප්‍රිය නැති  කෙනෙක් වෙන්න පුළුවන් .ඒක තමයි ලෝකයේ ස්වභාවය .ඒක මටත් අනිත් අයටත් හැමෝටම අදාළ යි.මම අද ජනප්‍රියයි .ඒත් හෙට මාව ජනප්‍රිය ද නැද්ද කියන එක මම දන්නෙ නැහැ


ඔයාට අවුරුදු 22ක් තිස්සේ ආදරේ කරන මිනිස්සු මේ ලංකාව  ඉන්නවා.වෙනුවට සමහරක් විට ලංකාවේ විතරක් නම් වෙන්න රටවලත් ඇති ඇති. ඒ ආදරේටුවා මොකක්ද කියන්නේ? මට ඇත්තටම කියන්න තියෙන්නේ අවුරුදු විසිදෙකකට වැඩි කාලයක් තිස්සේ මට ආදරේ දුන්න මිනිස්සු වෙනුවෙන් මම හිතනවා ආචාර කරනවා කියලා මොකද කිසිම කෙනෙකුට මේ ක්ෂේත්‍රයේ හැමදාම රැඳෙන්න බැහැ කියලා මට හිතෙන්නෑ. එක කාලයක් එනවා සමහරක් විට අපිට මේ ක්ෂේත්‍රයෙන් අයින් වෙලා යන්න සිද්ධ වෙන ඒ කියන්නේ අලුත් අය එන්න එන්න අලුත් ශ්‍රී චරිත බවට පත්වෙන්න වෙන්න සම සමහරක් අයට මේ ක්‍ෂේත්‍රයෙන් ඈත් වෙන්න සිද්ධ වෙනවා ඒත් මට දුන්නා ආදරේම සහ මට අදටත් දෙන අතරේ ගැන මං මේ ස්තුතිවන්ත වෙනවා හැබැයි මෙහෙම දෙයක් තියෙනවා සංගීතය කියන දේටම කොච්චර හතරද කියනවනම් සංගීතය කියන දේ නැති දවසක්ම වේ ජීවිතයේ නැති තරම් එහෙම දවසක් කෙනෙකුත් නෑ මම ශක්තිමත් කරන මට ධෛර්යයක් දෙන හැමෝටම හුඟක් පින් කියලා

හෙට දවසේ ඔයාගේ බලාපොරොත්තු මොනවද?

 මම පුංචි කාලේ ඉඳන්ම කලාවත් එක්ක සංගීතයත් එක්ක ජීවත් වෙච්ච කෙනෙක්. ඒ හින්දා කලාවෙන් තොර දෙයක් නම් මගේ ජීවිතේ නෑ. මගේ බලාපොරොත්තු වෙන්නෙ ඇත්තටම වෘත්තීය වශයෙන් නීතිඥවරියක් වෙන එක. ඒ වෙනුවෙන් මම  හුගක් දේවල් කැපකරනවා .ඒ වෙනුවෙන් මට පුළුවන් උපරිමය මම මිනින්සු  කලාවෙන් සංගීතයෙන් බැද තබන්න යොදවනවා.