කොච්චර ඇඳුම් තිබ්බත් ගමනක් යනකොට මට ඇඳගෙන යන්න ඇඳුමක් නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දිනවල විකාශය වෙන ටෙලි නාට්‍යය අතරේ ස්වර්ණවාහිනියේ විකාශය වෙන 'පාරදිගේ' ටෙලි නාට්‍යයට සුවිශේෂි තැනක් හිමිවේ. මෙහි උදාරි ලෙස රංගනයෙන් දායක වෙන චාමි සමරසිංහ සමගින් අපි මෙවර කතා බහා කළේමු. කලා හා පෞද්ගලික තොරතුරු නිතරම ඇයගෙන් විමසන නිසාම අපි චාමිට වෙනස්ම විදිහේ ප්‍රශ්න කිහිපයක් යොමු කළා.

ඔබ විලාසිතා කරන කෙනෙක්ද?

විලාසිතා වලට මම කැමතියි. ඒත් මට ගැලපෙන ඒවා විතරයි කරන්නේ. කාලෙන් කාලේට එන හැම විලාසිතාවක්ම මම කරන්නේ නැහැ. මට ගැළපෙන ඒවා විතරයි මම කරන්නේ.

විලාසිතාවලට මාසික කොපමණ මුදලක් වියදම් කරනවාද?

විලාසිතා වලට විශේෂයෙන් වියදම් කරන්නේ නෑ. ඒත් මම ගන්න ඇඳුමට ගැලපෙන විදිහට ආභරණ ගන්නවා. ඒත් රත්තරන් පළදින්න ආස නෑ.

මිළඳි ගන්න ඇඳුම් කොච්චර කාලයක් අඳිනවාද?

සාමාන්‍යයෙන් අලුත් ඇදුමක් ගත්තම ඒක ලස්සනයි කියලා හිතිලා ඒකම අදිනවා ගොඩක් වෙලාවට. මාසයක් දෙකක් ගියාම ඉතින් ඒක එපා වෙනවා. කොච්චර ඇදුම් තිබ්බත් ගමනක් යන්න හදන්කොට අදින්න හොද ඒවා නෑ කියලමයි මට හිතෙන්නේ.

ඇඳුම් හා අනෙකුත් විලාසිතා ගන්න විශේෂ තැන් ඔබට තියෙනවාද?

ගොඩක් වෙලාවට kandy, house of fashion එකෙන් තමයි ඇඳුම් හා අනෙකුත් දේවල් මිළඳි ගන්නේ.

ඇඳුම් ගන්න යන්නේ කාත් එක්කද?

තනියම යන්නේ. පුළුවන් වුණොත් යාළුවෙක් එක්කන් යනවා. ඇත්තටම මට ගැලපෙන ඒවා තේරෙන්නේ නෑ. තනියම ගියොත් ගොඩ වෙලාවක් යනවා ඇඳුමක් තෝරගන්න. ඒ නිසා බොහෝ වෙලාවට මම යාළුවෙක් එක්ක තමයි ඇඳුමක් ගන්න යන්නේ.

වැඩිපුර අඳින්න කැමති ඇඳුම් මොනවද?

මේ දවස්වල නම් ගවුම් තමයි වැඩිපුර අදින්නේ. කොට ගවුමට ලස්සනයි කියලා සමහරු කියනවා. ටිකක් තද පාටවල් රතු, රෝස, නිල්, කහ වගේ පාටවල් වලින් නිමවුණ ඇඳුම්වලට තමයි ගොඩක් වෙලාවට හිත යන්නේ. ඒත් සුදු පාටටත් මම කැමතියි.

බුද්ධික සේනාධීර