එකවිට සජීවීව දෙතැනක



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඔන්න පහුගිය සිංහල හා දමිළ උත්සව කාලෙ නම් අපේ බොහෝ රූපවාහිනී නාලිකා එකපාරටම වෙනස් වෙලා අපව ගම්, වැව්, ඇළ, දොළ තියෙන තැන්වලට එක්ක ගිහින් පුදුම විදිහට අපේ දේවල්වලින් අපේ ඇස් කන් පිරෙව්වා.

දේශීයත්වයට හැමදාම ඒ වගේ මුල්තැන දෙනව නම් කොච්චර දෙයක්ද? ඔන්න ඔය අතරතුර හිතාගන්නට බැරි අරුම පුදුම දේවලුත් අපට සමහර චැනල්වලින් පෙන්නුවා.

එක්තරා ප්‍රවීණ කලා ශිල්පියෙක් සජීවී වැඩසටහනකට සහභාගි වෙලා ඉන්නවා එක්තරා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක. දැන්වීමක් යන අතරතුර ඊළඟ චැනල් එකට ගියාම ඒකෙත් ඉන්නවා මේ ප්‍රවීණ කලා ශිල්පියා. පුදුමෙ කියන්නෙ ඒකත් සජීවී වැඩසටහනක්.

ඕවත් වැඩද මල්ලි.... හොඳට ගෙවනව නම් එක්කෙනෙකුට පුළුවන් චැනල් දෙක තුනක වුණත් එකවර සජීවීව ඉන්න... එක්තරා ප්‍රවීණ කලා ශිල්පියෙක් කිව්වලු.

DESHAYA

20190503Gossip1-1