ඒ කාලෙ රඟේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-10-05-ent-58දැන් රඟපාන්නෙ නැති නමුත් ඒ කාලෙ හොඳට රඟපාපු එක්තරා කෙනෙක් ඉන්නවලු. දැන් වයස්ගත නිසා මතකයත් ටිකක් අඩුයිලු.

එයාට මොනවහරි කතාවක් කිව්වොත් ඒකට උත්තර දෙන්නෙ “ඒ කාලෙ මම ජනප්‍රියවෙලා හිටිය දවස්වල” කියලා පටන් අරගෙනලු.

“අද වහියි වගේ නේද?”

“ඒ කාලෙ, ඒ කියන්නෙ මම ජනප්‍රිය නළුවෙක් වෙලා හිටිය දවස්වල අපට අව්ව, වැස්ස කියලා භේදයක් තිබුණෙ නැහැ. අව්වටත් කුඩ පාවිච්චි කළා, වැස්සටත් කුඩ ගෙනිච්චා.”

“අර ලෝක ප්‍රසිද්ධ නළුවා මැරිලලු නේද?”

“ඒ කාලෙ, මම ජනප්‍රිය නළුවෙක් වෙලා හිටිය කාලෙ, අපට මොනතරම් ප්‍රශ්න, දුක් දොම්නස්, ලෙඩරෝග තිබුණත් අපි මැරුණෙ නෑනෙ බං”

 

DESHAYA