කාගෙද ගොන් වස්සා කියන්න කලින් මූණ පෙන්නන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-07-08-ent-410එක්තරා ආයතනයකින් අපේ ප්‍රවීණ ගායන ශිල්පියෙකුගේ ගෙදරට වැදගත් ලියවිල්ලක් හදිසියෙන් යවන්න තිබුණලු.ආයතනයේ තරුණ සේවකයකු අතේ ඒ ලිපිය යැව්වලු, ඔහුගේ නිවෙසේ ලිපිනයත් ලීයා දීලා.

කොල්ලට කොහොම හරි තැන හොයාගන්න බැරිව, ඔෆිස් එකේ කළමනාකරුට කෝල් කර කර යනවලු බයික් එකේ.ඔන්න දැන් කියාපු ගේ ළඟට කොල්ලා ආවලු.

සර් මම දැන් ගේ ළඟ ඉන්නෙ.. කොල්ලා මැනේජර්ට කෝල් කරලා කිව්වලු.හරි දැන් බෙල් එක ගහලා, ඒ මහත්තයා කාගෙද ගොන් වස්සා කියන්න කලින් මූණ පෙන්නන්න.. මැනේජර් කොල්ලට කිව්වලු.

මේ ලිපිය ගෙනිහිල්ලා තියෙන්නෙ අපේ ප්‍රවීණ ගායක ඇනස්ලි මාලවන මහතාගෙ ගෙදරට.

 

DESHAYA